1990 සුව සැරියෙන් යතුරුපැදි හදිසි වෛද්‍ය සේවාවක්
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත කෙටිම කාලයකින් ළඟාවීමේ අරමුණින් යතුරුපැදි භාවිත කරන නව හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුව සැරිය පදනම සැලසුම් කර තිබේ.
Mpox වෛරසය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ නිකුත් කළ පසු මෙරටට අදාළ මාර්ගෝපදේශ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Mpox හෙවත් වඳුරු උණ සම්බන්ධයෙන් ඉකුත් දා ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළේ ය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එස්.එම් ආනල්ඩ් සඳහන් කළේ, වෛරසය රට තුළට ඇතුලුවීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මූලික සාකච්ඡා ආරම්භ වී ඇති බවයි.
Mpox වෛරසය මේ වනවිට මධ්‍යම සහ නැගෙනහිර අප්‍රිකානු කලාපය පුරා ව්‍යාප්තව තිබේ. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 461 කි.
මෙම වෛරසය ආසාදිතයකු ස්වීඩනයෙන් ද වාර්තා වී ඇති අතර අප්‍රිකාවේ හෝ වෛරසය පැතිරී ඇති ප්‍රදේශවල සංචාරයේ නිරත වන්නේ නම් එන්නත්කරණය සිදු කරගැනීම වඩාත් සුදුසු බව යුරෝපා රෝග නිවාරණ සහ පාලන මධ්‍යස්ථානය නිවේදනය කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත කෙටිම කාලයකින් ළඟාවීමේ අරමුණින් යතුරුපැදි භාවිත කරන නව හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුව සැරිය පදනම සැලසුම් කර තිබේ.
වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,091ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
නැගෙනහිර පළාත, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.