ඉදිරි පැය 24 ගැන කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ නඩුවට අදාළව මේ වනවිට වන්දි මුදලින් රුපියල් මිලියන 246ක් හානි පූර්ණ කාර්යාලය වෙත ලැබී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පවසයි.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (27) කරුණු දක්වමින් ඔහු පැවසුවේ ඉන් රුපියල් මිලියන 62ක් පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන් වෙනුවෙන් ගෙවා ඇති බවය.
මෙහිදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශමිල් පෙරේරා අධිකරණයට පැවසුවේ දැනට වන්දි මුදල් හිමිවූ වින්දිතයින්ගේ නාමලේඛනයක් ඉදිරිපත් කරන්නේ නම් දැනට දිසා අධිකරණවල පවතින වන්දි නඩු ඉල්ලා අස්කර ගත හැකි බවය.
මේ අතර වින්දිතයින් දැමූ වන්දි නඩු 300ක් පමණ මීගමුව සහ කොළඹ දිසා අධිකරණවල විභාග වෙමින් තිබේ.
එමෙන්ම මෙම නඩුවට අදාළව රුපියල් මිලියන 75ක වන්දි මුදල සම්පූර්ණයෙන් ගෙවීමට අපොහොසත්වීම හේතුවෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනුකර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දී තිබේ.
ඒ අනුව මීට පෙර අධිකරණය නියෝග කළ පරිදි වන්දි මුදල් ගෙවීමට අපොහොසත් වූ නිලන්ත ජයවර්ධන ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සත්පුද්ගල විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කිරිගිස්තානයේදී පැවති 13 වන ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී (13th World Strengthlifting Championship – Kyrgyzstan 2026) ශ්‍රී ලංකාව නියෝජනය කළ පණ්ඩුක ජයලත් රන් පදක්කමක් දිනා ගනිමින් නව ලෝක වාර්තාවක් ද පිහිටුවීමට සමත්ව තිබේ.
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් 38ක් අද (21) දිනයේ වසා තැබීමට තීරණය කර තිබේ.