‘රටම එකට’ ජාතික මෙහෙයුම : මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට
දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මෙරට ජාතික ආරක්ෂාවට මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් කටයුතු කළ පුද්ගලයින් 06 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදුකරමින් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර විදෙස් ජාතිකයෙකු ද වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
"පසුගිය දවස්වල අපේ විදේශීය සංචාරකයින්ට අනතුරක් සිදුවෙනවා කියලා තොරතුරක් ආවා. ඒ ආපු විගසම අපි වහාම ක්‍රියාත්මක වුණා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළා, විදේශිකයින්ගේ ආරක්ෂාව තහවුරු කළා. විපක්ෂය බලන්හිටියා මේක අහුලගෙන වාසි ගන්න ඒකනේ ඇත්ත කථාව. ඉතින් අපි මේ වෙනකොටත් 06 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මාලදිවයින් ජාතිකයෙක් සහ ලාංකියෝ 05 දෙනෙක් අපේ අත්අඩංගුවේ පරීක්ෂණ කරමින් යනවා. ඒ පරීක්ෂණවලින් අපිට තාම කියන්න බැහැ මේක කොයි ආකාරයේ සැලසුමක්ද ? උත්සාහයක් කියන එක. මොකද අත්අඩංගුවට ගත්ත 06 දෙනාගෙන් ලබාගත්ත තොරතරු සහ පරික්ෂණවලින් එහෙම නිගමනය කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ පිළිබඳව වැරදි අර්තකථන අවශ්‍ය නැහැ කොහොම වුණත් රටේ ජනතාවට අවශ්‍ය වෙන්නේ ඒ ආරක්ෂක තහවුරු කරන එක. ඉතින් අපි තුන්දෙනාගේ අමාත්‍ය මණ්ඩලය ආරක්ෂ කවුන්සිලය වහාහ කැඳවලා ජනාධිපතිවරයා ආරක්ෂක ඇමතිවරයා විදිහට ඒ අවශ්‍යකරන උපදෙස් දීලා අපි සියලුකටයුතු දැන් අරගෙන ඉවරයි."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
කොළඹ වරායේ CICT පර්යන්තයේ තිබූ බව කියන මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව කටයුතු කිරීමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීම් හෝ නොසැලකිලිමත් ක්‍රියා සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.