විදුලි ගාස්තුව ඉහළට
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
තමන්ට ලැබෙන වරදානවලට, මුදල් වලට ඇමැතිකම් වලට, එහෙට මෙහෙට පනින දේශපාලනය මේ රටින් අවසන් කළ යුතුව ඇතැයි ජාතික ජනබල වේගයෙ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.
ඔහු මේ අදහස් පළ කළේ බියගම මල්වානේ පසුගියදා (08) පැවති මුස්ලිම් සහෝදරත්වයේ රැළිය අමතමිනි.
"මුස්ලිම් ජනතාවට විරුද්ධව විවිධ ජාතිවාදී සංවිධාන ගොඩනැගෙන්නේ යුද්ධය කාලයේ නොවෙයි, යුද්ධයෙන් පස්සේ. උතුරේ යුද්ධය අවසන් උණාට පස්සෙ ඒ අයට නැවත ගැටුමක් අවශ්‍ය වුණා. මහරගම විශාල විරෝධයක් දියත් කළා. ඒ වේදිකාවේ හිටියේ තිලංග සුමතිපාල. අද ඒ තිලංග සුමතිපාල සජිත් ප්‍රේමදාස එක්ක කරට අතදාගෙන ඉන්නවා. කොහොමද එහෙම වෙන්නේ. පොහොට්ටුවේ දෙවැනියාව සිටි ප්‍රසන්න රණතුංග, රනිල් එක්ක ඉන්නවා. පොහොට්ටුවේ සභාපති ජී.එල්. පීරිස් සජිත් එක්ක ඉන්න අතර සජිත්ගේ සභාපති ෆොන්සේකා ඉන්නේ කොහේද? ස.ජ.බ. සභාපති එළියේ; පොහොට්ටුවේ සභාපති ඇතුලේ. මේ දේශපාලනය නතර කරන්න ඕනෑ නැද්ද? තමන්ට ලැබෙන වරදානවලට, සල්ලිවලට, ඇමති ධුරවලට, එහෙට මෙහෙට පනින දේශපාලනයක් අද අපේ රටේ තිබෙන්නේ. මේ දේශපාලනය අවසන් කළ යුතුයි."
එසේම, මාලිමාවේ රජයක් තුල පක්ෂ මාරු කිරීම තහනම් බවට නීතියක් පනවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය ඊයේ (09) දින මාලබේ දී පැවසීය
ඕනෑම අයෙකුට පක්ෂ මාරු කිරීමට හැකියාව ඇතත් එක් පක්ෂයක සිට ජනතා ඡන්දයෙන් පැමිණ පක්ෂ මාරු කිරීම කල නොහැකි බවත් පක්ෂයක් මාරු කිරීමට අවශ්‍ය නම් වෙනත් පක්ෂයකින් නැවත ජනතා ඡන්දයෙන් පැමිණිය හැකි බවත් ඇය පැවසුවාය
මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු ඉවත් කිරීමට අධිකරණයට යාමට සිදු වූ බවත් එම තීරණය ලැබෙනතෙක් ඔවුන් ජනතා මුදල් විනාශ කිරීම සම්බන්ධයෙන් වගකීම ගැනීමට කිසිවෙකු නොමැති බවද ඇය වැඩි දුරටත් පැවසුවාය
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසයි.
මාර්තු 23, 24, 26 යන තෙදින තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා බත්තරමුල්ල සුහුරුපායේ ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාල වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් අද (30) දින එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.