දෙනියාය පාසල් වසා දැමුණු උණ රෝගයට හේතුව හෙළිවෙයි
දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක සිසුන් අතර වේගයෙන් පැතිර ගිය උණ රෝගයට හේතුව ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම බව සෞඛ්‍ය අංශ සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
මෙරට තරුණ ප්‍රජාව තුළ HIV සහ ලිංගාශ්‍රිත රෝග ඉහළ යමින් පවතින බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරන්ගේ සංගමය පවසයි.
එමෙන්ම අවුරුදු 15 සිට 24 දක්වා වූ වයස් කාණ්ඩය මේ සම්බන්ධව ඉතා දැඩි අවධානමකට ලක්ව ඇති බවත් මේ හේතුවෙන් ලිංගාශ්‍රිත රෝග මෙන්ම අනාරක්ෂිත ගැබ් ගැනීම් ද සිදුවන බවත් එම සංගමයේ විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරප්පේලි පැවසුවාය.
විශේෂඥ වෛද්‍යවරිය මෙම අදහස් පලකළේ පසුගිය දා කොළඹ විජේරාම පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරප්පේලි,
"විශේෂයෙන්ම ලිංගාශ්‍රිත රෝග සහ HIV රෝග ගත්තොත් ඒකේ ගොඩක්ම බලපෑමට ලක්වෙලා තියෙන්නේ තරුණ වයසේ අය. අවුරුදු 15 සිට 24 දක්වා කාණ්ඩය ඉතා දැඩි අවධානමකට ලක්වෙනවා. විශේෂයෙන්ම මේ ගැන වැඩිදුරටත් තොරතුරු හොයද්දි සමාජ මාධ්‍ය භාවිතය ඒකට විශාල හේතුවක්. මේ සමාජ මාධ්‍ය හරහා නොයෙකුත් තරුණ තරුණියන් තමන්ට සහකාරයෝ සහකාරියෝ සොයාගන්නවා. සමහරවිට එක්කෙනෙකුත් නෙමේ සමාජ මාධ්‍ය කිව්වාම සමහර ඩේටින් ඇප් තියෙනවා ඉතිං ඒවා හරහා තරුණ තරුණියන් විවිධ සම්බන්ධතා ගොඩනගා ගන්නවා. ඒ විතරක් නෙමෙයි මත්පැන් භාවිතය, මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවෙලා තමා සමහර අය ඒ ක්‍රියාවන්ට යොමු වෙලා තියෙන්නේ මේ ආශ්‍රිත හේතු නිසා තමා ලිංගාශ්‍රිත රෝග HIV වැනි වෛරස් වගේම අනාරක්ෂිත ගැබ් ගැනීම් සිදුවන්නේ."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක සිසුන් අතර වේගයෙන් පැතිර ගිය උණ රෝගයට හේතුව ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම බව සෞඛ්‍ය අංශ සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
ශ්‍රී ලංකාව ආශ්‍රීතව පවතින අඩුපීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.
"අපි හිතනවා අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙන එක ඒ නිසා එන්න කියන ඕනෑම වෙලාවක එනවා", යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.