22 විශේෂ බහුතර ඡන්දයෙන් සම්මතයි
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
වර්තමානයේ වට්ස්ඇප් ජාලය හරහා විවිධ අකටයුතුකම් සිදුවන බැවින් කවුරුන් හෝ මුදල් ඉල්ලා සිටියහොත් කිසියම් පසුවිපරමකින් තොරව මුදල් ලබා දීමක් සිදු නොකරන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද පවසයි.
ඔහු පැවසුවේ මෙරට විවිධ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ගිණුම්වලට අනවරයෙන් ඇතුළු වී ඔහුගේ ග්‍රාහකයන් වෙත මුදල් ඉල්ලමින් පණිවිඩ යවා ඇති බවත් ඇතැම් පුද්ගලයින් එම තොරතුරු විශ්වාස කරමින් ලබා දී ඇති ගිණුම් අංක වෙත මුදල් තැන්පත් කිරීමේ සිදුවීම්ද වාර්තා වී ඇති බවත් ය.
"මේක සිද්ධ වෙන්නේ ඒ ප්‍රධාන පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලැබෙනවා එසේත් නැතිනම් ලින්ක් එකක් ලැබෙනවා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මීටිමකට ප්‍රවේශ වීමට. එසේත් නැතිනම් දේශනයකට ආරාධනාවක් කරන විදිහට තමයි මුළින්ම ආරාධනාව ලැබෙන්නේ.
ඒ ලැබිලා සුළු මොහොතකට පසුව ඔහුට ලැබෙනවා කෙටි අංකයක්. ඒ අංකය කියන්නේ ඒ ගිණුමට ප්‍රවේශ වීමට ලබා ගන්නා කෙටි යෙදවුම. ඒ ඔස්සේ ගිණුමට ප්‍රවේශවෙලා පණිවිඩයක් යනවා ලබා දෙන ගිණුමට මුදල් ලබා දෙන්න කියලා හදිසි අවශ්‍යතාවක් වෙනුවෙන් කියලා.
අපි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විදිහට මහජනතාවට දැනුම් දෙන්න කැමතියි විශේෂයෙන් කිසිම පුද්ගලයෙක් හට එක්වරක් ලැබෙන මේ අංකය එසේත් නැතිනම් OTP අංකය කිසිම වෙලාවක ලබා දෙන්න එපා කියලා.
ඒ වගේම කිසිම වෙලාවක නොදන්න කිසිම පුද්ගලයෙක් තමන්ගේ ජාලවලට ඇතුළත් කරගන්නත් එපා. ඒ වගේම මුදල් ඉල්ලා සිටියහොත් කිසියම් පසුවිපරමකින් තොරව මුදල් ලබා දීමක් සිදුකරන්නත් එපා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
"වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් හෙට (26) රක්ෂිත ලෙස ගැසට් කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.
2026 නොවැම්බර් 1 වැනිදා සිට පුද්ගලයන් විසින් සිදුකරනු ලබන කාර්යයන් කිහිපයක් සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.