තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
අද (23) අළුයම කුලියාපිටිය, හෙට්ටිපොල මාර්ගයේ කඹුරාපොල පාලම අසලින් කුලියාපිටිය දෙස සිට හෙට්ටිපොල දෙසට ධාවනය වූ ජීප් රථයක් බුල්ගමුව ඔයට වැටීමෙන් අනතුරක් සිදු වූ බව පොලීසිය පවසයි.
දොඹකරයක් ආධාරයෙන් ඔයට වැටී තිබූ ජීප් රථය ගොඩට ගෙන ඇති අතර, රථය තුල සිරවී සිටි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී ඔවුන් මියගොස් සිට ඇති බවට තහවුරු වී ඇත.
මරණකරුවන් අවුරුදු 25 හා 27 වයස්වල පසුවන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මොවුන් දෙදෙනා සහෝදරයන් බවට අනාවරණය වී ඇත.
මෙම අනතුර සිදු වූ ස්ථානය වංගු සහිත ස්ථානයක් වන අතර, රථය පාලනයෙන් මිදී මාර්ගය අයිනේ ඇති ඔයට වැටී ඇති බවට දැනට සිදුකරනු ලැබූ පරීක්ෂණ අනුව අනාවරණය වී ඇත.
මෘත ශරීර කුලියාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, කුලියාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.