සිවරාසා අනෝජන් ට සමාව ලබා ගැනීමට රජය උපරිමයෙන් උත්සාහ කරන බව ජනපති කියයි
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන දේශපාලන වෙනස තුළින් මෙරට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ගමන්මග කැපීපෙනෙන වෙනසකට ලක් නොවනු ඇතැයි මූඩීස්, ජාත්‍යන්තර ආයෝජන සහ ණය වර්ගීකරණ සේවාව පවසයි.
ශ්‍රී ලංකාවේ නිර්මාණය වී තිබෙන නව වාතාවරණය සම්බන්ධව අදහස් දක්වමින් මූඩීස්, ජාත්‍යන්තර ආයෝජන සහ ණය වර්ගීකරණ සේවාව වාර්තාවක් පළ කර තිබුණි.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඇතිවී තිබෙන දේශපාලන වෙනස තුළ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සහ ව්‍යුහාත්මක වෙනස්කම් ඇතුළු සාර්ව ආර්ථික ප්‍රතිපත්ති විශාල වශයෙන් වෙනස් නොවනු ඇති බවය.
කෙසේවෙතත්, ඇතැම් ප්‍රතිපත්ති ප්‍රමුඛතාවන් මත නැවත සැකසීමේදී මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීම අභියෝගකාරී විය හැකි බවත්, එය ණය අවදානම් වර්ගීකරණය තවදුරටත් ඉහළ මට්ටමක පැවතීමට හේතුවිය හැකි බවත් එම ආයතනය පෙන්වාදෙයි.
ඔවුන් පවසන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කොට, පාර්ලිමේන්තුවෙන් සම්මත කළ ආර්ථික පරිවර්තන පනත යටතේ IMF වැඩසටහනේ ආර්ථික සහ මූල්‍ය ප්‍රතිසංස්කරණ ඉලක්ක නව පනතක් හෝ සංශෝධනයක් මගින් මිස වෙනස් කිරීමට නොහැකි බවය.
ජනාධිපති අනුර කුමාර දිසානායක ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට විරුද්ධත්වයක් නොදක්වන බවත් මූඩීස් සඳහන් කරයි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කිරිගිස්තානයේදී පැවති 13 වන ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී (13th World Strengthlifting Championship – Kyrgyzstan 2026) ශ්‍රී ලංකාව නියෝජනය කළ පණ්ඩුක ජයලත් රන් පදක්කමක් දිනා ගනිමින් නව ලෝක වාර්තාවක් ද පිහිටුවීමට සමත්ව තිබේ.