විදුලි ගාස්තුව ඉහළට
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක්, ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඒ අනුව, කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර සහ මහනුවර දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇති බවයි එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ලහිරු කොඩිතුවක්කු සඳහන් කළේ,
ඒ අනුව ලබන 02 වැනි දා සිට 04 වැනි දා දක්වා දින 03ක් එම වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29හි විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 36,552කි. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් තවදුරටත් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. එම සංඛ්‍යාව 15,120 කි.
ඩෙංගු වැළඳීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසයි.
මාර්තු 23, 24, 26 යන තෙදින තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා බත්තරමුල්ල සුහුරුපායේ ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාල වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් අද (30) දින එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.