කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් !
ශ්‍රී ලංකාව ආශ්‍රීතව පවතින අඩුපීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.
මෙරට ළමුන් අතර බෝ නොවන රෝග වැලදීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ආහාර පරිභෝජනයේ පවතින ගැටලු මෙම තත්ත්වයට හේතු වී ඇති බවත් ළමුන් අතර දියවැඩියාව, අධික රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග වැළදීමේ අවදානම ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ මොනිකා විජේරත්න සඳහන් කර තිබේ.
"2024 ජාතික පෝෂණ මාසයට සමගාමීව එකතු කරපු දත්තවලට අනුව 1,4,7,10 වසරවල පාසල් දරුවන්ගේ 7%ක් ළමයින් වැඩි බරක් තියෙනවා. ඒ වගේම ගෝලීය සෞඛ්‍ය සමීක්ෂණය තුළින් 2024 වසරේ අවුරුදු 13 - 17ත් අතර දරුවන්ගේ ආහාර ගන්න පිළිවෙල සහ ඒ දරුවන් සම්බන්ධයෙන් කරලා තියෙන සමීක්ෂණ තුළින් හෙළිවෙලා තියෙනවා ස්ථූලභාවය 3%ක් විතර දරුවන් තුළ තියෙනවා.
අධි බර 12%ක් විතර දරුවන් අතර දක්නට ලැබෙනවා. දරුවන්ගේ ආහාර රටාව ගැන අධ්‍යයනයක යෙදිලා තියෙනවා. ඒකෙන් අපි බැලුවහම 17%ක් විතර දරුවන්, පැණි බීම හා ඒ ආශ්රිත බීම වර්ග, ලුණු සහිත ආහාර වර්ග 28%ක් විතර දරුවෝ පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ සමීක්ෂණය කරන සතියට කලින් සතියේ. අධික තෙල් සහිත ආහාර 28%ක් - 29%ක් විතර දරුවන් පරිභෝජනය කරලා තියෙනවා. ඒ වගේම අධික සීනි සහිත ආහාර 41%ක් දරුවන් පරිභෝජනය කරලා තියෙනවා. මේ දත්ත තුළින් අපිට පේනවා පාසල් දරුවන්ගේ ආහාර පරිභෝජන රටාව සුදුසු විදියට නෙමෙයි සිදුවන්නේ. මේ එක්කම දරුවන්ට අඩු වයසේදීම බෝ නොවන රෝග වන අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි නොයෙක් රෝග වැලඳීමේ ප්‍රවණතාවයක් පවතිනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාව ආශ්‍රීතව පවතින අඩුපීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.
"අපි හිතනවා අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙන එක ඒ නිසා එන්න කියන ඕනෑම වෙලාවක එනවා", යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය (GMOA) වැඩවර්ජනයක් දියත් කර තිබූ පසුගිය අප්‍රේල් 09 වන දින ත්‍රිකුණාමලය මහ රෝහලේ බිළිඳෙකු මියයාමේ සිද්ධියට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ඕ.වී.ජී.එල් වීරසේනගේ සහ ජ්‍යෙස්ඨ නේවාසික වෛද්‍ය එස්.ඒ.එන්.ඩී සියඹලාපිටියගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පසුගිය 08 වනදා පියවර ගෙන තිබේ.