මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන්ට නවක වදය දුන් බවට සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් එම සරසවියේ තෙවන වසර විද්‍යාර්ථයින් හතර දෙනා අද (මැයි 5 වැනිදා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
සබරගමුව සරසවියේ තුන්වන වසරේ ඉගෙනුම ලබන විද්‍යාර්ථයින් සිව් දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් මැයි 04 වැනිදා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
එලෙස අත්අඩංගුවට ගෙන ඇති විශ්ව විද්‍යාල සිසුන් මැයි 05 වැනිදා බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.
එම විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන්ට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් පසුගිය අප්‍රෙල් 29 වැනිදා සමනලවැව පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබිණි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කිරීමෙන් පසු මෙම සිසුන් හතර දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පිඨයේ දෙවන වසරේ සිසුන් හට නවක වදය ලබා දිමේ සිද්ධිය සම්බන්ධයෙන් සමනලවැව පොලිස් ස්ථානය වෙත ලැබුණු පැමිණිල්ලට අදාළ ඉදිරි විමර්ශන සිදුකිරීමට මැයි 03 වැනිදා වැඩ බලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත නියෝග කර තිබිණි.
නවක වදයෙන් සිත් තැවුලට පත්ව සිය දිවි නසාගත් සිසුවා
එම නවක වද සිද්ධියෙන් සිත් තැවුලට පත්වූ බව කියන සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ ගම්පොළ, අටබාගේ පදිංචි චරිත් දිල්ෂාන් දයාරත්න නැමති සිසුවා සිය දිවි හානි කර ගෙන තිබිණි.
මිය ගිය සිසුවාගේ දෙමාව්පියන් හා ඥාතීන් චෝදනා කර සිටියේ චරිත්ගේ සිය දිවි හානි කර ගැනීමට නවක වදය හේතුවී ඇති බවය.
ඔහු අප්‍රේල් 29 වැනිදා නිවසේ දී සිය දිවි හානි කරගෙන ඇති අතර ඔහු විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ වැසිකිළියට කොට කලිසමක් ඇඳගෙන යාම නිසා ඔහු පිරිසක් ඉදිරියේ නිරුවත් කර නවක වදයට භාජනය කර ඇති බව සමාජ මාධ්‍ය සටහන්වල සඳහන්ව තිබුණි.
නවක වදයට ලක්වූ සිසුන්ගෙන් පැමිණිල්ලක්
මේ අතර අදාළ සිසුවා සිය දිවි නසා ගැනීමට අප්‍රේල් 26 වැනිදා හෝ ඊට ආසන්න දිනක විශ්ව විද්‍යාලයේ සිංහරාජ VI නේවාසිකාගාරයේ 123 කාමරය හෝ ඊට ආසන්න ස්ථානයක තාක්ෂණ පිඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් සිදුකරන ලද නවක වද ක්‍රියාවක් මගින් ඇති වූ බලවත් මානසික පීඩාවක් හේතුවී ඇති බවට නවක වද සිදුවීමට මුහුණ දුන් තවත් සිසුන් පිරිසක් පැමිණිළි කර ඇතැයි සබරගමුව විශ්ව විද්‍යාලය පවසයි.
නවක වදය ලබා දුන් බවට සැක කෙරෙන ජ්‍යෙෂ්ඨ සිසුන් 09 දෙනෙකුගේ නම් ඇතුලු විස්තර සහිත ලිඛිත පැමිණිල්ලක් නවක වදයට ලක්වූ බව කියන සිසුන් විශ්ව විද්‍යාල බලධාරින් වෙත ලබා දී තිබේ.
මිය ගිය සිසුවා විසින් නවක වද සිදුවීම පිළිබඳව මිය යෑමට පෙර සහෝදර සිසුවෙකු වෙත යවන ලද වට්ස්ඇප් පණිවිඩ කිහිපයක ඡායාරූප ද පැමිණිළි කරන ලද සිසුන් විශ්ව විද්‍යාල විනය පාලකවරයා වෙත ලබා දී ඇත.
මෙම සිදුවීම ඉතා බරපතල බැවින් ඊට අදාළ විනය ක්‍රියාමාර්ග ගැනීමට ඉතා කඩිනමින් ක්‍රියා කරන ලෙස ශිෂ්‍ය විනය පාලක ඩි.එම්.ටී.එස් දිසානයක සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පිඨයේ සිසුන් 18 දෙනෙකුගේ අත්සනින් යුතු පැමිණිල්ල ද ඒ සමග උපකුලපතිවරයා වෙත යොමු කර ඇත.
'වධහිංසා ලබා දී අවසන් වන විට පාන්දර 2.30 පමණ වුණා'
"රාත්‍රී 10.15 ට පමණ වෙනුර නේවාසිකාගාරය තුළ චරිත් සහෝදරයා කොට කලිසමක් හැඳ කොරිඩෝව තුළ සිටි බවට පවසා තාක්ෂණ පිඨයේ තෙවන වසර (20/21) පිරිසක් චරිත් සහෝදරයා වෙනුර නේවාසිකාගාරයේ 123 කාමරයට රැගෙන ගියා."
ඉන්පසු තවත් සිසුන් පිරිසක් නවක වදය දුන් බවට සැක සිසුන් විසින් අදාළ ස්ථානයට රැගෙන ගොස් ඇති අතර එලෙස යන විට මිය ගිය චරිත් හට අමානුෂික ලෙස වධහිංසා කරමින් සිටි බව ද පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
එලෙස රැගෙන ගිය තමන්ව ද අමානුෂික ලෙස වධහිංසාවට ලක් කළ බව අදාළ ලිඛිත පැමිණිල්ලේ සඳහන් වේ.
"වධහිංසා ලබා දී අවසන් වන විට පාන්දර 2.30 පමණ වුණා. ඉන්පසු චරිත් වැඩි කතා බහක් නොමැතිව පැත්තකට වී කල්පනා කරමින් සිටියා." යැයි සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් ශිෂ්‍ය විනය පාලක වෙත කර ඇති පැමිණිල්ලේ දක්වා ඇත.
| BBC සිංහල සේවය
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.