අද සිට දින තුනක් පැයක විදුලි කප්පාදුවක්
අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයින පුරා සිදුකිරීමට නියමිත විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.
කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිදුවීමට හා ඒ ආශ්රිත නීතිවිරෝධී ක්රියාකාරකම්වලට සම්බන්ධ වූ තවත් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පරිසර අමාත්යාංශය පවසයි.
ඒ අනුව, ප්රධාන සැකකරු ඇතුළුව 6 දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට පත්ව තිබේ.
පරිසර අමාත්යාංශය සඳහන් කළේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පානදුර වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක බලකාය සහ පොලිස් නිලධාරීන් එක්ව අදාළ බල ප්රදේශය කේන්ද්ර කරගනිමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.
සිද්ධිය සම්බන්ධයෙන් මූලිකව අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරු, කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ ප්රධාන සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට මේ වන විට විමර්ශන මඟින් අනාවරණය වී ඇති බවද අමාත්යාංශය සඳහන් කළේය.
වනජීවී නිලධාරීන් සහ ගල්ගමුව පොලිසිය එක්ව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්රශ්න කරමින් සිටින අතර, අදාළ වෙඩි තැබීමට භාවිත කළ ගිනිඅවි සහ වන සතුන් ඉලක්ක කරගත් සංවිධානාත්මක ජාවාරම් ජාලයක් ක්රියාත්මක වූයේද යන්න පිළිබඳව ඉදිරි විමර්ශන පුළුල් කර ඇති බවද අමාත්යාංශය පැවසීය.
අත්අඩංගුවට පත් ප්රධාන සැකකරු ඇහැටුවැව ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත නිපුනතා සංවර්ධන නිලධාරියෙකු බව පොලීසිය පවසයි.
ඔහුගේ නිවසේ තිබී බොර 12 වර්ගයේ ගිනි අවියක්" "කැප් තුවක්කු" වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 24ක් පොලිස් භාරයට ගෙන තිබුණි.
මෙම පුද්ගලයා විසින් මීට පෙර අවස්ථාවකදී "ඩයනා" නමින් හැඳින් වූ ඇතෙකුට වෙඩිතබා ඇති බවටද තොරතුරු වාර්තා වී ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයින පුරා සිදුකිරීමට නියමිත විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.
විදුලි සම්ප්රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති අතර, දිවයින පුරා විදුලි සැපයුම ද ඉක්මනින් යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ජාතික පද්ධති ක්රියාකරු පුද්ගලික සමාගම පවසයි.
අද පෙරවරුවේ සිට දිවයින පුරා හදිසි විදුලිය බිඳවැටීමක් වාර්තා වී තිබේ.