සිවරාසා අනෝජන් ට සමාව ලබා ගැනීමට රජය උපරිමයෙන් උත්සාහ කරන බව ජනපති කියයි
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
බේරුවලට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදා අවේක්ෂණ මෙහෙයුමක් අතරතුර සිය භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් කිලෝ ග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් තිබී සොයා ගෙන තිබේ.
එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 6,000ක් පමණ බවද නාවික හමුදාව සඳහන් කරයි.
අදාළ ධීවර යාත්‍රාව අද (01) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබිය.
ධීවර යාත්‍රාවේ තිබූ උර 298ක මෙම මත්ද්‍රව්‍ය තිබූ බවට අනාවරණය වූ බවයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ පැවසුවේ.
මෙම ධීවර යාත්‍රාව ලාංකික බහුදින යාත්‍රාවක් බවත් එහි සිටි සැකකරුවන් 6දෙනා සහ සන්නිවේදන කටයුතු සඳහා භාවිත කළ සන්නිවේදන උපකරණය ද නීතියට ඉදිරිපත් කර ඇතැයි නාවික හමුදාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීමට නෛතික සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කිරිගිස්තානයේදී පැවති 13 වන ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී (13th World Strengthlifting Championship – Kyrgyzstan 2026) ශ්‍රී ලංකාව නියෝජනය කළ පණ්ඩුක ජයලත් රන් පදක්කමක් දිනා ගනිමින් නව ලෝක වාර්තාවක් ද පිහිටුවීමට සමත්ව තිබේ.