නිපුනි වාසනා ගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්
හයවන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ කාන්තා කිලෝග්‍රෑම් 50 මල්ලවපොර තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට නිපුනි වාසනා සමත්විය.
දින 07ක් පුරා මෙරටදී පැවැත්වුණු “ඒහිපස්සිකෝ” සාම පාගමන අවසන් කරමින් මෙරටට පැමිණි භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ පිරිස අද (29) උදෑසන දිවයිනෙන් පිටව ගියහ.
අමෙරිකාවේ වාසය කරන වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා, ‘ආලෝක’ සුනඛයා සහ තවත් ගිහි පිරිසක් මෙලෙස අද උදෑසන 07.12ට කටුනායක ගුවන්තොටුපොළෙන් තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගොස් තිබුණි.
ඉන් අනතුරුව එතැන් සිට වෙනත් ගුවන් යානයකින් අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය.
ලෝකවාසී ජනතාවට සාමයේ පණිවිඩය බෙදා හරිමින් සහ බුදු දහමේ උරුමය ජාත්‍යන්තරය වෙත රැගෙන යාම උන්වහන්සේලාගේ අභිප්‍රාය වෙති.
භික්ෂුන් වහන්සේලා පිරිස අද අලුයම කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණි අතර ඔවුන් වෙත දන් පිළිගැන්වීමෙන් අනතුරුව, ගුවන් තොටුපොළ විවිධ අංශවල සේවයේ නිරත සේවක සේවිකාවන් ද පැමිණ ආශිර්වාද ලබාගත්හ.
මෙහිදී ආලෝකගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පශු වෛද්‍යවරුන්, ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් සහ ගුවන් හමුදා නිලධාරීන් විශේෂ අවධානයක් යොමු කර කටයුතු කර තිබුණි
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හයවන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ කාන්තා කිලෝග්‍රෑම් 50 මල්ලවපොර තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට නිපුනි වාසනා සමත්විය.
හැක් කරපු කෙනා කෝල් කරලා කියලා මං දැන් ඔයාගේ ගිණුම හැක් කරන්න යන්නේ අනේ කරුණාකරලා මේ ලියුම් ටිකට අත්සන් කරලා එවන්න කියලා කියලා තමයි අත්සන ගස්වගෙන තියෙන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
රාජ්‍ය සේවය, පළාත් රාජ්‍ය සේවය, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා ආයතනවල සේවය සඳහා තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන ඇති සේවකයන් 9,800කට ආසන්න ප්‍රමාණයක් සේවයේ යෙදී සිටින බව සැලකිල්ලට ගෙන, 2026 වර්ෂය සඳහා වන අයවැය යෝජනා අංක 33.11 මඟින් ඔවුන්ට ස්ථිර පත්වීම් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් යෝජනා කර තිබේ.