හෝමූස් හරහා යන නැව්වලට පහරදෙන බවට ඉරානය අනතුරු අඟවයි
මැදපෙරදිග ගැටුම් උත්සන්න වී ඇති අවස්ථාවක, -තීරණාත්මක තෙල් හා ගෑස් ගමන් මාර්ගයක් වන- හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට “පහරදෙන බවට” බවට ඉරානය අනතුරු අඟවා තිබේ.
මැදපෙරදිග රටවල් 14ක සිටින අමෙරිකානු පුරවැසියන්ට වහාම ඉවත්වන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දි තිබේ.
ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීමත් සමඟ පවතින ආරක්ෂිත අවදානම සැලකිල්ලට ගනිමින් මෙම දැනුම්දීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ඒ අනුව බහරේන්, ඊජීප්තුව ,ඉරානය ,ඉරාකය, ඊශ්‍රායලය, ජෝර්දානය, කුවේට්, ලෙබනනය, ඕමානය, කටාර්, සෞදි අරාබියාව, සිරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ යේමනය යන රටවල සිටින අමෙරිකානු පුරවැසියන්ට එලෙස ඉවත් වන ලෙස දැනුම් දී තිබේ.
මේ අතර ඉරානයට එරෙහිව තවමත් බරපතළ ප්‍රහාර එල්ල කර නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ටෙහෙරානයේ න්‍යෂ්ටික මිසයිල වැඩසටහන ව්‍යර්ථ කිරීම සඳහා ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළ බවය.
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් සම්බන්ධයෙන් ධවල මන්දිරයේදී මාධ්‍ය අමතමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර තිබේ.
සති හතරක හෝ පහක කාලයක් මෙම ගැටුම් පවතිනු ඇති බවට මීට පෙර ඇස්තමේන්තු කර තිබුණද ඒ සඳහා ඊට වඩා වැඩි කාලයක් ගතවනු ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මැදපෙරදිග ගැටුම් උත්සන්න වී ඇති අවස්ථාවක, -තීරණාත්මක තෙල් හා ගෑස් ගමන් මාර්ගයක් වන- හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට “පහරදෙන බවට” බවට ඉරානය අනතුරු අඟවා තිබේ.
වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 13, 416ක් සහ ඩෙංගු මරණ 4ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.
මැදපෙරදිග කලාපයේ සියලුම රටවල ගුවන් අවකාශයන් වසා දමා තිබීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළේ සිට මැදපෙරදිග බලා පිටත්ව යාමට නියමිත ගුවන් ගමන් සියල්ල අද (01) පස්වරු 05.00 දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.