මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක් - නාමල් රාජපක්ෂ
වත්මන් ආණ්ඩුව පෙරහැරකට හෝ ආරක්ෂාව ලබාදිය නොහැකි ආණ්ඩුවක් බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
සම සුදු කරන බව සඳහන් කරමින් අලෙවි කරන ආලේපන වර්ග ඇතුළු ප්‍රමිතියෙන් තොර රූපලාවණ්‍ය ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීතිය බලාත්මක කිරීමට රූපලාවණ්‍ය පනත් කෙටුම්පත මේ වසර අවසන් වීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පැවසුවාය.
ඇය මේ බව ඊයේ (17) කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.
මෙම පනත් කෙටුම්පත පනතක් බවට පත්වූ පසුව නීති විරෝධී ආලේපන වර්ග වෙෙළඳපොළේ භාවිතය තහනම් බව කියා සිටි වෛද්‍යවරිය පසුගිය වසර තුනේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඔස්සේ රූපලාවණ්‍ය ආලේපන 9,000ක් පමණ ලියාපදිංචි වී ඇති බවත් ඒ අනුව වසරකට රූපලාවණ්‍ය ආලේපන වර්ග 3,000කට පමණ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ලියාපදිංචිය ලබාදී ඇති බව ද පැවසුවාය.
දියවැඩියාව සහ වකුගඩු රෝග සඳහා රසදිය අඩංගු සම සුදු කරන ආලේපන හේතු වන බවත් දිගු කාලීනව මෙම ආලේපන භාවිතයෙන් පුද්ගලයන්ට විවිධ රෝගාබාධ ඇති විය හැකි බවත් ඇය ප්‍රකාශ කළාය. ගර්භිණී කාලයේදී සම සුදු කරන ආලේපන වර්ග භාවිතයෙන් ඉපදෙන දරුවාගේ ඉගෙනීමේ දුර්වලතා, මතකය සහ අවදානය අඩු වීම, ක්‍රියාකාරකම් සහ ඇවිදීම පරක්කු වීම, හැසිරීමේ ගැටලු ඇති වීම යනාදිය සිදු වන්නේ යැයි ද ඇය අවධාරණය කළාය.
සම යනු ශරීරයේ තිබෙන විශාලම අවයවය බවත් එම අවයවයේ ආලේප කරන විෂ සහිත ආලේපන වර්ග නිසා රුධිරයට විෂ වර්ග එක්ව පුද්ගලයාගේ ශරීරය ලෙඩ කරන බව ද පැවසුවාය. ශාකසාරවලින් නිෂ්පාදිත ආලේපන වර්ග ද ශරීරයට අහිතකර විය හැකි බවත් විවිධ වර්ගයේ ආලේපන භාවිතයේදී පාරිභෝගිකයා ප්‍රවේසම් විය යුතු බවත් වෛද්‍යවරිය පැවසුවාය.
කිසිදු ආකාරයකින් සැලෝන්වලට සම සුදු කරන ආලේපන වර්ග නිෂ්පාදනයට අවසරයක් නොමැති බවත් එවැනි සැලෝන්වලින් ලබාදෙන ආලේපන වර්ග ප්‍රතික්ෂේප කිරීම පාරිභෝගිකයාගේ වගකීමක් බවත් ඇය අවධාරණය කළාය.
විශේෂයෙන්ම ළදරු ගැහැනු දරුවන්ගේ සමෙහි පවුඩර් ආලේපනයෙන් ඩිම්බකෝෂ පිළිකා ඇති වීමේ අවදානමක් පවතින අතර කුඩා දරුවන්ට පවුඩර්, කොලෝන් භාවිතය සිදු නොකළ යුතු යැයි ද විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පැවසුවාය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වත්මන් ආණ්ඩුව පෙරහැරකට හෝ ආරක්ෂාව ලබාදිය නොහැකි ආණ්ඩුවක් බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
දඹදිව වන්දනා ගමන් සඳහා ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ වීසා නිකුත් කිරීමේ වැඩසටහන යළි ක්‍රියාත්මක කිරීමට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තීරණය කර තිබේ.
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි වාර්ෂික ඇසළ මහ පෙරහැරේ, ජූලි 28 පැවැත්වෙන පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලිඛිත නිර්දේශයක් යොමු කර තිබේ.