CLOSE

මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා පාසල් ළමුන්ට නිල ඇඳුමට අමතරව අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණීමට අවස්ථාව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ පාසල් ළමුන් අතර පැතිර යන ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව යි.

ඒ සම්බන්ධයෙන් සියලු පාසල්වල විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර ඉදිරියේදී ඒ පිළිබදව උපදෙස් නිල වශයෙන් දැනුම් දීමට නියමිත ය.

 

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.