CLOSE

දැනට පවතින ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන ළමා රෝගීන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර පවසයි.

මෙම දැඩි තදබදය මධ්‍යයේ වුවද දරුවන්ට කඩිනම් සහ කාර්යක්ෂම වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම තහවුරු කිරීම සඳහා දෙමාපියන් සහ භාරකරුවන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වී ඇති බව ද රෝහල් අධ්‍යක්ෂ වැඩිදුරටත් සඳහන් කර සිටී.

ඒ අනුව, දරුවන් ප්‍රතිකාර හෝ සායනික කටයුතු සඳහා රෝහලට රැගෙන එන සෑම අවස්ථාවකදීම පහත සඳහන් ලියකියවිලි අනිවාර්යයෙන් රැගෙන එන ලෙස රෝහල් පාලනාධිකාරිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

*පුද්ගල සෞඛ්‍ය අංකය (PHN) හෝ බාර්කෝඩ් කාඩ්පත
*ළමා සෞඛ්‍ය සංවර්ධන සටහන් පොත හෝ බර සටහන් පොත
*ඖෂධ හෝ ආහාර අසාත්මිකතා පිළිබඳ වාර්තා
*සායනික සටහන් පොත්
*රෝහලෙන් පිටවීමේ කාඩ්පත් හෝ රෝග විනිශ්චය කාඩ්පත්

වැඩිදුර තොරතුරු සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ කාර්යාලය 011 2693711 (දිගුව 307) ඔස්සේ සම්බන්ධ කරගත හැකිය.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.