ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, පානීය ජල සැපයුම සහ කැළි කසළ ගැටලුව විසඳීමට ඉදිරි අයවැයෙන් විශේෂ අවධානය
ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, පානීය ජල සැපයුම සහ කැළි කසළ ගැටලුව විසඳීමට ඉදිරි අයවැයෙන් විශේෂ අවධානය යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
ඉබෝලා වෛරස් වසංගත තත්ත්වය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබීමත් එයට සමගාමීව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව කරුණු 5කින් සමන්විත ක්‍රියාමාර්ග ගැනීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණර්වධන අද (20) නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ නිවේදනයට අනුව ඉබෝලා වෛරස් වසංගත තත්ත්වයක් කොංගෝ රාජ්‍යයේ සහ උගන්ඩාව යන රටවල් මේ වන විට උද්ගතව පවතින බවත් මෙය මහජන සෞඛ්‍ය තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර ඇති බවත් වෛද්‍ය අසේල ගුණවර්ධන දැනුම් දී සිටී.
එම තත්ත්වයට සමගාමීව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව මෙරට තුළ පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
1. ගුවන්තොටුපළ ආශ්‍රිත නිරීක්ෂණය කිරීම (ආවේක්ෂණය) ශක්තිමත් කිරීම.
2. සැක සහිත රෝගියකු වාර්තා වුවහොත් ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ජාතික බෝවන රෝග විද්‍යායාතනය මනාලෙස පෙර සුදානම් කර තැබීම.
3. අවශ්‍ය රෝග හඳුනා ගැනීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය සුදානම් කර තැබීම.
4. රට තුළ නිරීක්ෂණය කිරීමේ (ආවේක්ෂණය) පද්ධතිය ශක්තිමත් කිරීම සහ ගෝලීය තත්ත්වය නිරන්තරයෙන් අධ්‍යනය කිරීම.
5. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය අවශ්‍ය කටයුතු සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ මනා සම්බන්ධීකරණයක් සිදු කිරීම.
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව ශ්‍රී ලංකාව මෙම රෝගය සඳහා අඩු අවදානම් රටක් ලෙස නම් කර ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාල නිවේදනයේ දක්වා තිබේ.
එමෙන්ම මෙම තත්ත්වය පිළිබඳ අනිසි බියක් මහජනතාව තුළ ඇතිකර ගැනීම අවශ්‍ය නොවන අතර මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සියලුම අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇති බව ද නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, පානීය ජල සැපයුම සහ කැළි කසළ ගැටලුව විසඳීමට ඉදිරි අයවැයෙන් විශේෂ අවධානය යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
ආනයනික කිරි පිටි මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව කිරි පිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි.
නීතිවිරෝධී ලෙස සන්නිවේදන උපකරණ යොදාගනිමින් පවත්වාගෙන ගිය රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශ නිලධාරීන් විසින් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.