කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් !
ශ්‍රී ලංකාව ආශ්‍රීතව පවතින අඩුපීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.
දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක සිසුන් අතර වේගයෙන් පැතිර ගිය උණ රෝගයට හේතුව ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම බව සෞඛ්‍ය අංශ සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්. ජී. එස්. පණ්ඩිතරත්න තහවුරු කළේ කොළඹින් ගිය විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් කළ විමර්ශනයකදී රෝගයට බලපෑ මෙම මූලික හේතුව හඳුනාගත් බවයි.
රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා අදාළ පාසල් හතර දින කිහිපයක් වසා දැමීමට බලධාරීන් මීට පෙර පියවර ගත් අතර, අද සහ හෙට (මැයි 11 සහ 12) යන දිනවල ද එම පාසල් වසා තැබෙනු ඇත.
රෝගය පැතිර යාම මේ වන විට පාලනය කර ඇති අතර, සති අන්තයේදී එම පාසල් පිරිසිදු කිරීමේ කටයුතු ද සිදු කර තිබේ.
ජල මූලාශ්‍ර හරහා ඇති වූ මෙම රෝගී තත්ත්වය පිළිබඳව ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් තවදුරටත් දැඩි අවධානයෙන් පසු වන බව සදහන් වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාව ආශ්‍රීතව පවතින අඩුපීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.
"අපි හිතනවා අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙන එක ඒ නිසා එන්න කියන ඕනෑම වෙලාවක එනවා", යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය (GMOA) වැඩවර්ජනයක් දියත් කර තිබූ පසුගිය අප්‍රේල් 09 වන දින ත්‍රිකුණාමලය මහ රෝහලේ බිළිඳෙකු මියයාමේ සිද්ධියට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ඕ.වී.ජී.එල් වීරසේනගේ සහ ජ්‍යෙස්ඨ නේවාසික වෛද්‍ය එස්.ඒ.එන්.ඩී සියඹලාපිටියගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පසුගිය 08 වනදා පියවර ගෙන තිබේ.