CLOSE

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ලබාදී තිබේ.

අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය  ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීමට ඉඩ නොදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය ලැබී ඇත.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා ආරම්භ වූ සිවුරට යුක්තිය - නිදහසේ පා ගමනේ පැමිනි භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිස ඊයේ (15) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි අතර එම පිරිස මේ වනවිටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටී.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.