සරම්ප නිසා බංග්ලාදේශයේ ළමුන් දහසකට වඩා මරුට
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
නේපාල-ටිබෙට් දේශසීමා ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුරින් විපතට පත්වූවන් ගලවා ගැනීමේ කටයුතු චීන බලධාරීන් විසින් අත්හිටුවා ඇත.
ඒ, අලුතින් නිර්මාණය වූ ජලය පිරුණු විලක ඉවුරු පුපුරා යා හැකි බවට ඇති වූ බිය හේතුවෙනි.
චීනයට අයත් ටිබෙට් ප්‍රදේශය සහ නේපාලය අතර දේශසීමාවේ පිහිටි ගයිරොං වරාය ආසන්නයේ ඉහළ ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ යාම සම්බන්ධයෙන් බලධාරීන් දැඩි අවධානයෙන් පසුවෙති. බදාදා දිනයේ නායයෑමක් සමඟ ඇති වූ මඩ සහ ජල ධාරාවකින් එම දේශසීමා මාර්ගයද ගසාගෙන ගොස් තිබේ.
පැය ගණනාවක් පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් නායයෑමෙන් එක්රැස් වූ සුන්බුන් අතර ජලය රැස්වී විලක් නිර්මාණය වී ඇති අතර, එය ඉවුරු බිඳී ගියහොත් ඉදිරි දිනවලදී තවත් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට බලධාරීන් බිය පළ කරති.
චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා අනුව, මේ වනවිට එම ප්‍රදේශයේ මෙහෙයුම්වල නිරත වූ සහන කණ්ඩායම්වලට මෙහෙයුම් තාවකාලිකව නතර කරන ලෙස දැනුම් දී තිබේ.
හිමාල දේශසීමා කලාපයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයෙන් පැය 48කට වැඩි කාලයක් ගතවීමෙන් පසු නේපාලයේ පමණක් අවම වශයෙන් පුද්ගලයින් 469 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් සිය ගණනක් අතුරුදන්ව සිටිති.
මේ අතර, ටිබෙට් දේශසීමා ප්‍රදේශයේ තවත් පුද්ගලයින් 550කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තා වේ. ඔවුන් අතර ටිබෙට්හි පූජනීය කයිලාෂ් කන්ද වෙත වන්දනා ගමනක නිරත වූ විදේශිකයින් 260 දෙනෙකුද සිටින බව සඳහන්ය.
දිවි ගලවාගත් පුද්ගලයින් සොයා සිදුකරන මෙහෙයුම්වල නිරත සහන කණ්ඩායම්, තවත් ගංවතුරක් ආපදා කලාපයට බලපෑ හැකි බවට පළවන වාර්තා හේතුවෙන් දැඩි අවධානයෙන් පසුවන බව රතු කුරුස සංවිධානයේ නිලධාරියෙකු බීබීසී වෙත පවසා තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.