CLOSE

කොළඹ, ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත දුම්රිය පටුමග ආසන්නයේ අද (13) ඇති වූ ගින්නකින් අනවසර පැල්පත් නිවාස 15ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

පස්වරු 2.15ට පමණ හටගත් මෙම ගින්න හේතුවෙන් ප්‍රදේශයේ පැල්පත් නිවාස 21කට ආසන්න සංඛ්‍යාවක් ගින්නට හසුව ඇති බව වාර්තා වේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ හතරක් යොදවා තිබූ අතර, මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වී තිබේ.

කෙසේ වෙතත්, මෙම ගින්නෙන් කිසිදු ජීවිත හානියක් හෝ පුද්ගල තුවාලයක් වාර්තා වී නොමැත.

ගින්න ඇතිවීමට හේතුව සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.