වනස්පති ජාතික වැඩසටහන : වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් වෙයි
"වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් හෙට (26) රක්ෂිත ලෙස ගැසට් කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.
විදේශ රටවලදී මිය යන, ආබාධිත තත්ත්වයට පත් වන සහ අතුරුදන්වීම් ඇතුළු විවිධ ආපදාවන්ට ලක් වන ශ්‍රී ලාංකිකයන්ගේ මෙරට සිටින දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ශිෂ්‍යාධාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල සැලසුම් කර තිබේ.
‘කිසිවෙක් අධ්‍යාපනයෙන් මගහැරීමට ඉඩ නොදීම’ යන සංකල්පය පෙරදැරි කර ගනිමින් ජනාධිපති අරමුදල, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි රජයේ නිල පුවත් වෙබ් අඩවිය වාර්තා කරන්නේ.
ජනාධිපති අරමුදලේ සේවා ව්‍යාප්ත කිරීම පිළිබඳ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්, ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ යන අයගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කෙරිණි.
විදේශයන්හිදී ආපදාවලට ලක් වන විදෙස්ගත ශ්‍රමිකයන්ගේ මෙරට සිටින දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම සහ සුරක්ෂිත කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. ‘අදාළ පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙක් වීම’ යන නිර්ණායකය පමණක් එහිදී සැලකිල්ලට ගැනෙන අතර අදාළ ශිෂ්‍යත්ව ප්රදානය පිළිබඳ උපදෙස් සංග්‍රහය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.
ජනාධිපති අරමුදල මේ වන විටත්, වන අලි ප්‍රහාරවලට ලක්ව මිය ගිය අයගේ දරුවන් වෙනුවෙන්ද මෙවැනි ආකාරයේ ශිෂ්‍යත්ව වැඩසටහනක් හඳුන්වා දී තිබෙන අතර ඉදිරියේදී විවිධ ක්ෂේත්‍ර කරා එය පුළුල් කිරීමට අපේක්ෂා කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
"වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් හෙට (26) රක්ෂිත ලෙස ගැසට් කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.
2026 නොවැම්බර් 1 වැනිදා සිට පුද්ගලයන් විසින් සිදුකරනු ලබන කාර්යයන් කිහිපයක් සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (25) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) ආරම්භ විය.