CLOSE

සංවිධානාත්මක අපරාධකරුවකුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ සහ සිවිල් ගුවස්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා

තවදුරටත් ලබන 28 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝධරගම නියෝග කළේය.

ඒ සැකකරුවන් අද (17) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ඒ අනුව සැකකරුවන් තිදෙනා එළැඹෙන 28 වැනිදා දක්වා යළි රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කළේය. 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.