CLOSE

ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (10) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ඉදිරි කාලගුණ තත්ත්වයන් පිළිබඳව දැනුවත් කිරිමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් එම දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු කියා සිටින්නේ පසුගිය දින කිහිපය මෙන්ම ඉදිරි දින කිහිපයද වැසි ලැබෙමින් පවතින බව යි.

එසේම,අ හෙට (11) දිනයේදී පවතින පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමට හැකියාවක් පවතින බවද ඔහු අවධාරණය කරයි.

පවතින මෙම තත්ත්වය මෝසම් තත්ත්වයක් නොව පෙර මෝසම් තත්ත්වයක් බව පෙන්වා දුන් ඔහු මෙම අඩුපීඩන කලාපය සහ එහි වර්ධනයෙන් පසු මැයි මස 20 වැනි දින වන විට මෝසම් තත්ත්වය නිර්මාණය වී ඊට අදාළ කාලගුණ විපර්යාස සිදුවනු ඇති බවද සඳහන් කළේය.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.