මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
අපනයනට වෙළඳාම අරමුණු කරගනිමින් ගංජා වගා කිරීම ඒ ආශ්‍රිත ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා උනන්දුවක් දක්වන දෙස් විදෙස් ආයෝජකයන්ගෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ හා සෞඛ්‍ය අමාත්‍යාංශ එක්ව ව්‍යාපෘති යෝජනා කැඳවා තිබේ.
අපනයන අරමුණු කරගනිමින් ගංජා වගාව මත පදනම් වූ ඖෂධ හා ඒ ආශ්‍රිත නිශ්පාදන සඳහා ලෝකයේ පවතින ඉල්ලුම සැළකිල්ලට ගෙන මෙම ව්‍යාපෘති යෝජනා කැඳවන බවයි ආයෝජන ප්‍රවර්ධන අමාතයාංශය පවසයි
මෙම ව්‍යාපෘතිය ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ හා ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධ විශය පථයට අයත් බවත් මෙම වගාව හා නිෂ්පාදන කටයුතු අධීක්ෂනය මෙන්ම ඒ හා සම්බන්ධ සම්පූර්ණ ක්‍රියාවලියම නියාමනය කිරීම හා බලපත්‍ර නිකුත් කිරීම ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් සිදු කරන බවත් සඳහන්ය.
ව්‍යාපෘති යෝජනා සලකා බැලීමෙන් පසු අදාල නිර්ණායක සපුරන ආයෝජකයන්ට ගංජා වගාව සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා වූ ව්‍යාපෘති සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් බලපත්‍ර ලබා දීම සිදු කිරීමට නියමිත බවත් සඳහන් වේ.
මෙම ව්‍යාපෘති යෝජනා ආයෝජන මණ්ඩලයේ ආයෝජන ඇගයීම් දෙපාර්තමේන්තුව වෙත ජුලි 10 දක්වා බාරගන්නා බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය පවසයි.
srilanka mirror
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.