CLOSE

ගාල්ල, දංගෙදර, ඩික්සන් හන්දිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

අද (12) උදෑසන 7.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සදහන් කළහ .

මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුන බවට සදහන් වේ .

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලීසිය සදහන් කළේය .

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.