නාමල්ට අල්ලස් දුන් චෝදනාවට ජානකී සිරිවර්ධන අත්අඩංගුවට
ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂ ජානකී සිරිවර්ධන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් හමුවී තිබේ.
ඒ එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේ මානව හිමිකම් කවුන්සිල ශ්රවණාගාරයේදිය.
මෙම හමුව එක්සත් ජනපද වේලාවෙන් ඊයේ(23) පස්වරුවේ පැවැත්විණි.
පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව එහිදී කරුණු සාකච්ඡා කර ඇත.
මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය එක්ව සිටියහ.
ජනාධිපති අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට ද නියමිතය.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපතිවරයා එරට වේලාවෙන් අද පස්වරු 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිත බවය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂ ජානකී සිරිවර්ධන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
බටහිර-මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතයේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද, එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මේ වනවිට ප්‍රකාශ කරමින් පවති.