නාමල්ට අල්ලස් දුන් චෝදනාවට ජානකී සිරිවර්ධන අත්අඩංගුවට
ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂ ජානකී සිරිවර්ධන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක අද (01) යාපනයේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගි වීමට නියමිතය.
ඒ අනුව, යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන් වන අදියර අද (01) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.
මේ යටතේ උතුරු පළාතේ ධීවර ප්‍රජාවට මෙන්ම, නැගෙනහිර සහ දකුණු පළාත්වල සිට පැමිණෙන ධීවර බෝට්ටු සඳහාද ජලය, විදුලිය, ඉන්ධන ආදී මූලික සහ අත්‍යාවශ්‍ය පහසුකම්, ශිතාගාර පහසුකම්, දැල් සැකසීමේ මධ්‍යස්ථාන පහසුකම්, වෙන්දේසි ශාලා පහසුකම් සහ ගුවන් විදුලි පණිවිඩ හුවමාරු මධ්‍යස්ථාන පහසුකම්ද සලසා දීමට සැලසුම් කර ඇත.
ධීවර වරායේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවෙන් පසුව එම ස්ථානයේ පැවැත්වෙන ජන හමුවකටද ජනාධිපතිවරයා එක් වනු ඇත.
මේ අතර, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යාපනය ප්‍රාදේශීය කාර්යාලය අද (01) ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙනු ඇත. යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරිශ්‍රය තුළ ස්ථාපිත කෙරුණු මෙම කාර්යාලය නවීන තාක්ෂණය ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විත බවත් උතුරු පළාතෙන් විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම්පත් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින හෙයින්, වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක අවශ්‍යතාව ඉටු කරමින් මෙම ප්‍රාදේශීය කාර්යාලය විවෘත කෙරෙන බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මේ අතර, යාපනය පුස්තකාලයේ ඊ-පුස්තකාල (E Library) වැඩසටහනද අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන අතර, මේ සමඟ ලොව ඕනෑම ස්ථානයක සිටින පුද්ගලයකුට යාපනය මහජන පුස්තකාලයේ ඇති ග්‍රන්ථ අන්තර්ජාලය ඔස්සේ පරිශීලනය කිරීමට අවස්ථාව උදා වෙයි.
යෝජිත යාපනය නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම්‍ද අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන අතර, ඉන් අනතුරුව එම ස්ථානයේ පැවැත්වෙන ජන හමුවක් සඳහාද ජනාධිපතිවරයා එක්වනු ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂ ජානකී සිරිවර්ධන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
බටහිර-මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතයේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද, එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මේ වනවිට ප්‍රකාශ කරමින් පවති.