විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
දිවයිනේ සෑම ප්‍රදේශයකම සිටින දරුවන්ට නව තාක්ෂණික අවස්ථාවන් හිමිවන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා තිබේ.
කොළඹ බුර්හානි සෙරන්ඩිබ් විද්‍යාලයේ අද (28) පැවැති, ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ තාක්ෂණික නිපුණතා ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබන ලෝක රොබෝ ඔලිම්පියාඩ් (WRO) ජාතික තරගාවලියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනුයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව ප්‍රකාශ කළේ.
"වර්තමාන වේගයෙන් වෙනස් වන ලෝකය තුළ විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය (STEM) යන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීම රටක ජාතික ප්‍රමුඛතාවක් විය යුතුයි.
ලෝක රොබෝ ඔලිම්පියාඩ් වැනි අවස්ථාවන් හරහා අපේ තරුණ පරපුරට තර්කානුකූල චින්තනය, නවෝත්පාදනය සහ සහයෝගීතාව වැනි අත්‍යවශ්‍ය කුසලතා ප්‍රගුණ කිරීමට මහඟු අවස්ථාවක් ලැබෙනවා.
2025 වසරේදී ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට සිංගප්පූරුවේ පැවති ජාත්‍යන්තර රොබෝ ඔලිම්පියාඩ් තරගාවලියට කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කිරීමත් අපේ දරුවන්ට ලැබුණු ඉතා වැදගත් අත්දැකීමක්."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව තිබූ මතභේදාත්මක තත්ත්වයට විසඳුමක් ලබා දෙමින්, පසුගිය වසරේ පෙරහැරට සහභාගි වූ කාවඩි නර්තන කණ්ඩායම් 45ටම මෙවරද එක්වීමට අවසර ලබාදීමට තීරණය කර තිබේ.
වන අලි කළමනාකරණ රාජකාරි කටයුතු හා අනෙකුත් ක්ෂේත්‍ර රාජකාරි අවශ්‍යතා සඳහා යොදා ගැනීම සදහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මිලදී ගත් ඩබල් කැබ් රථ 16ක් සහ යතුරු පැදි 181 ක් එම දෙපාර්තමේන්තුව වෙත සංකේතාමකව භාරදීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි විසින් අද (27) දෙපාර්තමෙන්තු පරිශ්‍රයේ දී සිදු කෙරිණි.