CLOSE

98 වැනි ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය ඇතුළු ඔස්කාර් සම්මාන 6ක් දිනාගැනීමට පෝල් තෝමස් ඇන්ඩර්සන් ගේ One Battle After Another සමත්විය.

හැම්නෙට් වෙනුවෙන් ජෙසී බක්ලි හොඳම නිළිය ලෙස සම්මාන දිනා ගත්තාය.

මයිකල් බී. ජෝර්ඩන් (Michael B. Jordan) හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගෙන තිබේ.

හොඳම සහාය නිළියට හිමි සම්මානය දිනා ගැනීමට රංගන ශිල්පිනී ඒමි මැඩිගන් සමත් වී තිබේ.

ඒ "වෙපන්ස්" (Weapons) චිත්‍රපටයේ දැක්වූ විශිෂ්ට රංගනය වෙනුවෙනි.

එමෙන්ම ප්‍රවීණ රංගන ශිල්පී ශෝන් පෙන් 'One Battle After Another' චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනා ගෙන තිබේ.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.