CLOSE

වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු පාස්කු ප්‍රහාරයේ ෆයිල් යට ගැසූ, බුද්ධි අංශ වාර්තා සැඟවූ නිලධාරීන් ආරක්ෂා කරමින් යුද්ධය අවසන් කිරීමට උරදුන් බුද්ධි අංශ නායකයින් සිරගත කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ (7) කැකිරාවේ පැවති ජන හමුවක් අමතමිනි. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ,

"මේ රටේ ඒකීයත්වය වෙනුවෙන් පෙනී හිටියා. අපි එල්.ටී.ටී. ත්‍රස්තවාදීන් එක්ක හැප්පුනා .මේ කැකිරාවේ අහිංසක අම්මගේ තාත්තගේ දරුවන් රණවිරුවන් විදියට යුද පිටියට ගිහිල්ලා ජීවිත අහිමි වුණා. අදටත් රටේ ආබාධිත රණවිරුවෝ  ජීවත් වෙනවා එදා අනුරාධපුර මායිම් ගම්මානයක් දිස්ත්‍රික්කයක් විදියට කොටි ගම් වලට පැනලා ගෙවල් වලට පැනලා මහා සංඝරත්නය ආගමික නායක අත දරුවන් පවා  කපල කොටල මරලා දැම්මා.

ඒ ත්‍රස්තවාදය පරාජය කරන්න අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාවේ අම්මලා තාත්තලගේ දරුවන්ගේ ජීවිත පූජා කරා. ආණ්ඩුවට කටක් කරලා කොන්ද කෙලින් තියන් ඒ රණවිරුවන්ට රණවිරුවන් කියන්න බැරි තැනට වැටිලා තියෙනවා. ආණ්ඩුවේ අවශ්‍යතාවය ඩයස්‌පෝරාවේ න්‍යාය පත්‍රය දැන් සලේව ගෙනල්ලා සුරේෂ් සලේව ගෙනල්ලා හිර කරගෙන ඉන්නවා. ජනාධිපතිවරයාගේ නියමය ජනාධිපතිවරයාගේ සැලැස්ම මොකක්ද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ගේ ජාතික ලැයිස්තුව හිටපු  මහත්තයෙක්ගේ  පුතාලා දෙන්න මරාගෙන මැරුණේ පොහොට්ටුවේ එක්කෙනෙක් නෙවෙයි. ජේවීපී එකේ පාස්කු ඉරිදා ප්‍රහාරය වෙනකොට වගකීම් පැහැර ඇරපු නිලධාරීන් අද ආණ්ඩුව  ඉහළ තනතුරු දරනවා. ඒ සියල්ලම යට ගහලා යුද්ධය අවසන් කරන්න බුද්ධි අංශයට නායකත්වය දීපු නිලධාරීන්ව ගෙනල්ලා හිර කරගෙන ඉන්නවා කාගේ අවශ්‍යතාවයද වුවමනාව ද මේ ආණ්ඩුව ඉෂ්ඨ  කරන්නේ කාගේ අවශ්‍යතාවයද.

රටක බුද්ධි අංශය දුර්වල කිරීම තුළ රටේ ජාතික ආරක්ෂාව බිඳ වැටෙනවා යහපාලන ආණ්ඩුව ඒ වැරැද්ද කරගත්තා. යහපාලන ආණ්ඩුව බලයට ඇවිල්ලා බුද්ධි අංශ නිලධාරීන් හිරගත කරා ඔබට මතක ඇති. අවසානයේ අන්තවාදීන් හිස එසවූවා.

අපේ හාමුදුරුවනේ අන්තවාදීන් හිස ඔසවලා පාස්කු ප්‍රහාරය ඇති කරා එදා ආණ්ඩුව ඒක යට ගැහුවා. එදා ආණ්ඩු පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න නිලධාරීන් ක්‍රියාත්මක වුණේ නෑ. අද මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා ෆයිල් යට ගහපු ෆයිල් හංගපු බුද්ධි අංශ වාර්තා හංගං හිටපු නිලධාරීන්ව  ආරක්ෂා කරලා යුද්ධය අවසන් කරන්න රණවිරුවන්ට බුද්ධි අංශයන්ට නායකත්වය දීපු නිලධාරීන්ව  හිරගත කරනවා. ජනාධිපතිවරයාගේ නියමය කාගේ අවශ්‍යතාවයද ආණ්ඩුව ඉටුකරන්නේ කාගේ අවශ්‍යතාවයද ආණ්ඩු ඉටුකරන්නේ.

අහිංසක අම්මගේ තාත්තගේ දරුවෝ යුද බිමට ගියා ජවිපෙ එකේ අය ගියේ නෑ ඒ අය යුද්ධ කරේ 88 89 කාලේ ගමත් එක්ක හමුදාව එක්ක එල්ටීටීඊ එක වගේම තමයි හැබැයි අනිත් පැත්තෙන් අපේ ගම්වල අම්මගේ තාත්තගේ දරුවෝ ජීවිත පූජා කරා අඩුම ගානේ ඒ මහ පොළොවට පස් වෙච්ච ජීවිත වලට වටිනාකමක් දෙන්න එහෙම දෙන්න ආණ්ඩුවට වුවමනාවක් නෑ. ඩයස්පොරාවේ අවශ්‍යතාවය කේන්ද්‍ර කරගෙන රණවිරුවට පහර දෙන්න තමයි හදන්නෙ. ලෝකයේ ත්‍රස්තවාදය පරාජය කරපු එකම රට අපි.

ලෝකයේ ත්‍රස්තවාදය පරාජය කරලා ආර්ථික වර්ධනය සියයට හතකට වැඩි වීගෙන අරගෙන ආපු එකම නායකයා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ ඉතිහාසය  ඒ නායකත්වය වල දාන්න ඒ රට ජාතිය ආගම ගොඩනගපු මේ රටේ සියලුම ආගම් වල ජනතාවට නිදහසේ ජීවත් වෙන්න පරිසරයක් හැදුවා. ඉරිසියා කරන වෛර කරන දේශපාලන බලවේගයක් අද රාජ්‍ය පාලනය කරනවා කණ්ගාටුයි දුකයි.

රණවිරුවන් තමන්ගේ ජීවිත පූජා කරල ලබාගත්ත ජයග්‍රහණය මෙහෙම පාවලා දෙනවා දැක්කම දුකයි මිත්‍රවරුණි.

අපි පැහැදිලිව විශ්වාස කරනවා මේ රටේ ගොවි ජනතාව රකින්න ඕන රණ විරුවෝ රකින්න ඕන."

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.