CLOSE

ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව සම්බන්ධ කරන විශ්වාසනීය සම්බන්ධක මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කරමින් අද තිබෙන රැකියා සඳහා නොව, හෙට ලෝකයට අවශ්‍ය රැකියා සඳහා අපගේ තරුණ පරපුර සූදානම් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

පසුගියදා (15)සිංගප්පූරුවේ පැවති Global Economic Cooperation (GEC) East සමුළුවේදී, Milken Institute හි සාමාජිකයන්, සභාපති සහ ආසියානු සංවර්ධන බැංකුව සඳහා හිටපු එක්සත් ජනපද තානාපති Curtis S. Chin සමඟ එකම සංවාද මණ්ඩලයකට එක් වෙමින් නාමල් රාජපක්ෂ මේ බව කියා තිබුණි.

එහිදී "ඉන්දීය සාගර සියවස" පිළිබඳ ඔහුගේ දැක්ම ද ඉදිරිපත් කර ඇත.

එහිදී අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ "අපි ඉන්දීය සාගරයේ දශකයකට නොව, ඉන්දීය සාගරයේ සියවසකට පිවිසෙමින් සිටින්නෙමු,ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව සම්බන්ධ කරන විශ්වාසනීය සම්බන්ධක මධ්‍යස්ථානය බවට ශ්‍රී ලංකාව පත්විය යුතු  බවත් අද තිබෙන රැකියා සඳහා නොව, හෙට ලෝකයට අවශ්‍ය රැකියා සඳහා අපගේ තරුණ පරපුර සූදානම් කළ යුතු අතර, නවෝත්පාදනය, සහයෝගීතාව ඊට අදාළ වපසරිය නිර්මාණය කර ගැනීමේ හැකියාව තුළින් ඊළඟ පරපුරට නායකත්වය ලබාදීමට ශක්තිය ලබාදිය යුතු බවත්, ශතවර්ෂ ගණනාවක් පුරා ඉන්දීය සාගරය විවිධ ශිෂ්ටාචාර එකිනෙකට සම්බන්ධ කළ තෝතැන්නක් වූ නිසා, දැන් එය අනාගතය එකිනෙකට සම්බන්ධ කරන මාර්ගය බවටත් පත්විය යුතුය." යනුවෙන් පවසා තිබේ. 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.