තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
තමන්ට පහර දි තුවාල සිදු කල බවට මාධ්‍ය හරහා අසත්‍ය චෝදනා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.
මේ බව ඔහු කියා සිටියේ අද (14) දින නාවලපිටිය ප්‍රදේශයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
''මම එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා, මම මගේ නිතිඥවරයාට උපදෙස් දුන්නා එම දෙදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ගුණතිලක රාජපක්ෂ එදින රාජ්‍ය නිලධාරින් ඉදිරියේදි පරුෂ වචනයෙන් බැන වැදුණා, මම ඔහුට උපදෙස් දුන්නා රාජ්‍ය නිලධාරින් ඉදිරියේ එහෙම හැසිරෙන්න එපා කියලා. එතනදි බහින් බස් විමක් තමයි ඇති වුණේ පසුව ඔහු විසින් පොලිසියට භාර දිලා තියෙනවා ඇසින් දුටු සාක්ෂිකරුවන් සිව්දෙනෙක් මම ඔහුට පහර දුන්නා කියලා. ඒ, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත්, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත්, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදිප්, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතාන යන අය, පොලිසිය විසින් මේ අයගෙන් සාක්ෂි සටහන් කරගෙන තියෙනවා.
මේ කිසිදු අයෙක් පොලිසියට සාක්ෂි දිලා නැ මම ගුණතිලක රාජපක්ෂට පහර දුන්නා කියලා, පසුව පොලිසිය විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්විම තිබුණ ස්ථානයේ පරික්ෂණයක් කරලා තියෙනවා එහිදිත් කිසිදු සාක්ෂියක් ලැබිලා නැ. එතුමා මේ කරන්නේ වෙනත් කෙනෙකුගේ අවශතාවයක්. ඒ සම්බන්ධයෙන් මම කණගාටු වෙනවා, මම ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නවා'' යනුවෙනි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.