විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
තමන්ට පහර දි තුවාල සිදු කල බවට මාධ්‍ය හරහා අසත්‍ය චෝදනා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.
මේ බව ඔහු කියා සිටියේ අද (14) දින නාවලපිටිය ප්‍රදේශයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
''මම එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා, මම මගේ නිතිඥවරයාට උපදෙස් දුන්නා එම දෙදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ගුණතිලක රාජපක්ෂ එදින රාජ්‍ය නිලධාරින් ඉදිරියේදි පරුෂ වචනයෙන් බැන වැදුණා, මම ඔහුට උපදෙස් දුන්නා රාජ්‍ය නිලධාරින් ඉදිරියේ එහෙම හැසිරෙන්න එපා කියලා. එතනදි බහින් බස් විමක් තමයි ඇති වුණේ පසුව ඔහු විසින් පොලිසියට භාර දිලා තියෙනවා ඇසින් දුටු සාක්ෂිකරුවන් සිව්දෙනෙක් මම ඔහුට පහර දුන්නා කියලා. ඒ, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත්, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත්, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදිප්, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතාන යන අය, පොලිසිය විසින් මේ අයගෙන් සාක්ෂි සටහන් කරගෙන තියෙනවා.
මේ කිසිදු අයෙක් පොලිසියට සාක්ෂි දිලා නැ මම ගුණතිලක රාජපක්ෂට පහර දුන්නා කියලා, පසුව පොලිසිය විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්විම තිබුණ ස්ථානයේ පරික්ෂණයක් කරලා තියෙනවා එහිදිත් කිසිදු සාක්ෂියක් ලැබිලා නැ. එතුමා මේ කරන්නේ වෙනත් කෙනෙකුගේ අවශතාවයක්. ඒ සම්බන්ධයෙන් මම කණගාටු වෙනවා, මම ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නවා'' යනුවෙනි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව තිබූ මතභේදාත්මක තත්ත්වයට විසඳුමක් ලබා දෙමින්, පසුගිය වසරේ පෙරහැරට සහභාගි වූ කාවඩි නර්තන කණ්ඩායම් 45ටම මෙවරද එක්වීමට අවසර ලබාදීමට තීරණය කර තිබේ.
වන අලි කළමනාකරණ රාජකාරි කටයුතු හා අනෙකුත් ක්ෂේත්‍ර රාජකාරි අවශ්‍යතා සඳහා යොදා ගැනීම සදහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මිලදී ගත් ඩබල් කැබ් රථ 16ක් සහ යතුරු පැදි 181 ක් එම දෙපාර්තමේන්තුව වෙත සංකේතාමකව භාරදීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි විසින් අද (27) දෙපාර්තමෙන්තු පරිශ්‍රයේ දී සිදු කෙරිණි.