තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
අතුරුගිරිය ඔරුවල සිදු වූ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකුවූ සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
ජනප්‍රිය ගායිකා කේ.සූජීවා ඇතුළු සිවු දෙනකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත.
කේ.සූජීවාගේ සැලුනයක් (ටැටු) විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි ද පොලිසිය කියයි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මේ අතර අතුරුගිරිය ඔරුවල සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට වෙඩික්කරුවන් පැමිණි බව කියන මෝටර් රථය කොරතොට ප්‍රදේශයේ අතහැර දමා තිබිය දී සොයාගත් බව පොලිසිය කියයි.
ඔවුන් පැමිණි වාහනය එම ස්ථානයේ දමා ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයකින් පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් කණ්ඩායම් කීපයක් පරීක්ෂණ පවත්වයි.
lankadeepa.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.