මැති ඇමතිව ඉන්ධන කෝටාව ස්වෙච්ඡාවෙන්ම අඩු කරගෙන
අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ඉන්ධන කෝටාව තුනෙන් එකකට වැඩි ප්‍රමාණයකින් ස්වෙච්ඡාවෙන්ම අඩුකරගෙන ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න පවසයි.
ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකුට මරු කැඳවූ වෙඩිතැබීමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ බස්නාහිර පළාත් දකුණ අපාරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.
පසුගිය ජූලි 8 වනදා අතුරුගිරිය පොලිස් වසමේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී ටී 56 ගිනිඅවිවලින් වෙඩිතබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබූ අතර එම වෙඩිතැබීමෙන් තවත් සිව්දෙනෙකු බරපතළ තුවාල ලැබීය.
එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේ දී ඊයේ (23) සවස අතුරුගිරිය හා බත්තරමුල්ල ප්‍රදේශවලදී එම අපරාධයට අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අතුරුගිරිය පොලීසිය වෙත ඉදිරිපත් කර තිබේ.
එක් සැකකරුවෙක් වෙඩික්කරුවන් හා ඔවුන් පැමිණි කාර් රථයේ රියදුරු කොරතොට ප්‍රදේශයේ සිට වැලිහිඳ ප්‍රදේශය දක්වා වෑන් රථයකින් රැගෙන ගොස් බස් රථයකට නංවා එම වෑන් රථය බුලත්සිංහල ප්‍රදේශයට රැගෙන ගොස් සඟවන ලද වෑන් රථ රියදුරු වන අතර, අනෙක් සැකකරු ඉන් අනතුරුව වෙඩික්කරුවන් සහ කාර් රථයේ රියදුරු වැලිහිඳ ප්‍රදේශයේ සිට දක්ෂිණ අධිවේගය හරහා දික්වැල්ල ප්‍රදේශය දක්වා බස් රථයකින් රැගෙන ගොස් එම බස් රථය සෙල්ල කතරගම ප්‍රදේශයේ සඟවා තබන ලද සැකකාර රියදුරු වේ.
එම සැකකරු අදාළ කාලය තුළ විදේශ රටක සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සමග වට්ස්ඇප් මගින් සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
එම ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 26 හැවිරිදි සහ 36 හැවිරිදි වැලිපැන්න සහ අහුංගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය සහ අතුරුගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
adadrana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ඉන්ධන කෝටාව තුනෙන් එකකට වැඩි ප්‍රමාණයකින් ස්වෙච්ඡාවෙන්ම අඩුකරගෙන ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න පවසයි.
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ මාර්ගගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය, අද (31) විවෘත වේ.
නීතීවිරෝධී ලෙස වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදුකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.