යෝෂිතට ඇප
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
අධ්‍යාපන ක්ෂේත්රයේ ගුරු වෘත්තීය ගැටළු ආශ්රිත කරුණු දෙකක් සඳහා විසඳුම් ලබා දීමට කටයුතු කරමින් සිටින බවත් ඒ යටතේ ගුරු වෘත්තීය ගැටළු පිළිබඳ සමාලෝචනයක් සිදුකර එය නිරාකරණය කිරීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
ඒ අනුව, වැටුප් වර්ධක ප්‍රමාදයකින් තොරව ලබාදීමට හැකියාව ලැබෙන අතර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරිය එකඟ වූ පරිදි එළැඹෙන බදාදා දිනය වන විට අදාළ නියෝග ලිපි අමාත්‍යංශයට ලැබීමෙන් අනතුරුව පළාත් බලධාරීන් වෙත යොමු කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කියා සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය,
''කොවිඩ් වසංගතය මෙන්ම අරගලය සමඟ මෙරට අනෙකුත් සෑම ක්ෂේත්රයක් මෙන්ම සමස්ත අධ්‍යාපන ක්ෂේත්රය ද විශාල අර්බුදයකට ලක්වුණා. වැටුණු රට ගොඩ ගැනීමේ වගකීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ අප ආණ්ඩුව විසින් භාර ගත්තේ වෙනත් කිසිවෙකු එම වගකීම භාර නොගත් පසුබිමක බව ද පැවසිය යුතුයි. ඒ අනුව එදා පැවති තත්ත්වය වෙනස් කර ගෙවුනු වසර දෙකක කාලය තුළ රට යථා තත්ත්වයට පත්කීරීමට ආණ්ඩුව සමත් වුණා. එබැවින් මේ මෙහොතේ එදා රට පැවති තත්ත්වය සහ අද රට තිබෙන තත්ත්වය පිළිබඳව මතකාවර්ජනයක් අත්‍යවශ්‍යව තිබෙනවා.
ඒ වගේම චීන රජය විසින් මෙරට පාසල් දූ දරුවන් සඳහා 2025 වර්ෂයට අදාළ පාසල් නිල ඇදුම් සැපයීම සියයට සියයයකින් සිදු කරන බව මේ වන විට අමාත්‍යාංශය වෙත තහවුරු කර තිබෙනවා. 2025 වර්ෂයට අදාළ පාසල් පෙල පොත් ප්‍රාදේශීය ගබඩාවලට නිකුත් කිරීම ද හෙට දිනයේ සිට ආරම්භ කරනවා. ප්‍රධාන පෙලේ ජාතික පාසල් හැරුණු විට සෙසු සියළු පාසල් සඳහා දිවා ආහාරය ලබාදීමට ද අප කටයුතු කර තිබෙනවා. ලක්ෂ 17ක සිසු දරුවන් ප්‍රමාණයක් එම ප්‍රතිලාභය ලබනවා.
එමෙන්ම දකුණු කොරියාවේ කොයිකා ආයතනය මඟින් සාගර විශ්වවිද්‍යාලය වෙත ඩොලර් මිලියන 85ක් ලබාදීමට නියමිතයි. වෙනත් විශ්වවිද්‍යාල සඳහා ද විදෙස් ආධාර යටතේ ආරම්භ කර පසුගිය සමයේ අතරමැද නතර කර තිබුණු සංවර්ධන කටයුතු ද මේ වන විට නැවත ආරම්භ කර තිබෙනවා. එය විශ්වවිද්‍යාල පද්ධතියට මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්රය සඳහා ද ඉතා වැදගත් වන බව කිව යුතුයි.
ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්රයේ ගුරු වෘත්තීය ගැටළු ආශ්රිත කරුණු දෙකක් සඳහා විසඳුම් ලබා දීමට අප කටයුතු කරනවා. ඒ යටතේ ගුරු වෘත්තීය ගැටළු පිළිබඳ සමාලෝචනයක් සිදුකර එය නිරාකරණය කිරීමට නියමිතයි. ඒ සමඟ වැටුප් වර්ධක ප්‍රමාදයකින් තොරව ලබාදීමට හැකියාව ලැබෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරිය එකඟ වූ පරිදි එළැඹෙන බදාදා දිනය වන විට අදාළ නියෝග ලිපි අමාත්‍යංශයට ලැබීමෙන් අනතුරුව පළාත් බලධාරීන් වෙත යොමු කිරීමට කටයුතු කරනවා.
එමෙන්ම ජාතික මට්ටමෙන් සහ පළාත් මට්ටමින් ගුරු පත්වීම් 16,000 ක් පමණ මෙම වකවානුව තුළ ලබාදීමට අප කටයුතු කළා. මෙම පත්වීම් ලබා දුන්නේ ආර්ථික දුෂ්කරතා හමුවේ බව ද සිහිපත් කළ යුතුයි. ඒ අනුව පැවති
ගුරු හිඟයට විසඳුම් ලබා දීමට අප සමත් වී තිබෙනවා.
තවද තාක්ෂණයෙන් ඉහළ Smart Board 2700ක් පාසල් වලට ලබා දීමට මේ වන විට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව අපගේ සැලසුම් වී තිබෙන්නේ සමස්ත පාසල් ජාලයම ඩිජිටල්කරණය කිරීමයි. තව ද ගුරුවරුන් පුහුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මඟින් ඩොලර් මිලියන 400ක් ලබාදීමට සැළසුම් කෙරෙමින් තිබෙනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ගාල්ල ඉමදූව අඟුලුගහ හන්දියේදී බස් රථ 03ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.
රාත්‍රී කාලයේ පවත්වනු ලබන සංගීත සංදර්ශන සහ සංගීත ප්‍රසංගවල කාලසීමාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.