තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මේ වසරේ ගතවූ කාලය තුළ සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 18,000කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය සදහන් කළේ පසුගියදා සිය නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයත් සමග රුපියල් මිලියන 18,790කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සිය භාරයට ගෙන ඇති බවය.
පසුගිය නොවැම්බර් 16 වන දින ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ දී බහුදින ධීවර යාත්‍රාවක තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 46කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයාගැනුණි.
එම යාත්‍රාවේ සිටි ධීවරයින් 5 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගත් අතර ඔවුන් ඊයේ දිනයේ ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබීය.
එම ධීවරයින් වයස අවුරුදු 23ත් 33ත් අතර ගන්ධර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනාගෙන තිබේ.
නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය පැවසුවේ මත්ද්‍රව්‍ය තොගය සමග බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත බාරදුන් බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.