මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ මුදල් කොල්ලයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, කොල්ල කෑ මුදලින් රුපියල් තුන් කෝටි 15 ලක්ෂයකට අධික මුදලක්ද සොයා ගත් බවයි.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ වෙල්යායක කමතක සඟවා තිබියදී එම මුදල් සොයා ගෙන තිබේ.
කෙසේ වෙතත් මංකොල්ලය මෙහෙය වූ ප්‍රධාන සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවී නැත.
පොලීසිය පැවසුවේ, අදාළ වෑන් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ තැනත්තා කොල්ලය සංවිධාන කර ඇති බවයි.
යොදා ගත් වෑන් රථයේ තිබී කොල්ලකන ලද මුදල් තොගයක් සොයාගෙන තිබේ.
පෞද්ගලික සමාගමකට අයත් මෙම වෑන් රථය කොල්ල කා රුපියල් හත් කෝටී අනූපන් ලක්ෂයකට අධික මුදලක් පෙරේදා කොල්ල කනු ලැබුවේ ය.
සැකකරු වෑන් රථය ගම්පහ උග්ගල්බොඩ ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී සොයා ගැණුනි..
මුදල් කොල්ලය සම්බන්ධයෙන් විමර්ශනයට කණ්ඩායම් 8 ක් ක්‍රියාත්මකයි.
පොලීසිය සඳහන් කළේ, ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා මගින් කොල්ලකරු ගමන් කළ මාර්ග පිළිබඳව තොරතුරු රැස්කරමින් ඇති බවයි.
මුදල් කොල්ල කා පළාගිය සැකකරු පිළිබඳ තොරතුරක් වෙතොත් පොලීසියට දැනුවත් කරන්නැයිද, මහජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.
ඒ අනුව, ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ 0718591608 යන අංකයට හෝ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ 0718591610 අංකයට ඔහු පිළිබඳ තොරතුරු දැනුම් දිය හැකියි.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.