තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
බදුල්ල, දුන්හිඳ මාර්ගයේ 4 කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර යි.
අනතුරින් පුද්ගලයින් 41 දෙනෙකු රෝහල්ගත කර ඇත.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බව ත් අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් මේ වනවිට බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.