තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (14) පස්වරු 4.00 සිට ඉදිරි පැය 24ක කාලයක් දක්වා වලංගු වන පරිදි නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව පහත සඳහන් දිස්ත්‍රික්කවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 යටතේ මෙන්ම අදිරය 1 යටතේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.
අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න
කොළඹ දිස්ත්‍රික්කය: - සීතාවක, පාදුක්ක
කළුතර දිස්ත්‍රික්කය: - වලල්ලාවිට, හොරණ, ඉංගිරිය, මතුගම, දොඩංගොඩ, බුලත්සිංහල, පාලින්දනුවර, අගලවත්ත
ගාල්ල දිස්ත්‍රික්කය: - ඇල්පිටිය, බද්දේගම, නෙළුව, නාගොඩ, වඳුරඹ, තවලම
ගම්පහ දිස්ත්‍රික්කය: - අත්තනගල්ල
කෑගල්ල දිස්ත්‍රික්කය: - රුවන්වැල්ල, යටියන්තොට, දෙහිඕවිට, වරකාපොළ, බුලත්කොහුපිටිය, කෑගල්ල, මාවනැල්ල, අරණායක, දැරණියගල
රත්නපුර දිස්ත්‍රික්කය: - ඇහැළියගොඩ, කිරිඇල්ල, අයගම, ඇලපාත, කලවාන, රත්නපුර, කුරුවිට
අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත්වන්න
ගාල්ල දිස්ත්‍රික්කය: - යක්කලමුල්ල, නියාගම, ඉමදූව
කළුතර දිස්ත්‍රික්කය: - බේරුවල
කෑගල්ල දිස්ත්‍රික්කය: - ගලිගමුව
කුරුණෑගල දිස්ත්‍රික්කය: - නාරම්මල, පොල්ගහවෙල, අලව්ව
නුවර එළිය දිස්ත්‍රික්කය: - අඹගමුව
රත්නපුර දිස්ත්‍රික්කය: - කහවත්ත, ඕපනායක, පැල්මඩුල්ල, නිවිතිගල
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.