පළාත් කිහිපයකට පස්වරු 2.00 න් පසු වැසි
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, ඉංගිරිය, බුලත්සිංහල, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, කොටපොල, රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න, රත්නපුර, ඇලපාත, කහවත්ත, ඉඹුල්පේ, කලවාන, නිවිතිගල, අයගම, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 යටතේ අවධානයෙන් සිටින ලෙස අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, හපුතලේ, ඌව පරණගම, කන්දේකැටිය, හල්දුම්මුල්ල, කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, හොරණ, මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට, තුම්පනේ, ගඟ ඉහළ කොරළය, උඩු නුවර, උඩුදුම්බර, උඩ පළාත, ගඟවට කෝරළය, පස්බාගේ කොරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, රුවන්වැල්ල, යටියන්තොට, රඹුක්කන, කෑගල්ල, දැරණියගල, ගලිගමුව, වරකාපොල, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, ඕපනායක, වැලිගෙපොල, කල්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 1 යටතේ විමසිලිමත් බවින් සිටින ලෙසත් අනතුරු ඇඟවීමේ නිවේදයක් නිකුත් කර ඇත.
එමෙන්ම කඳු ආශ්‍රිතය යම් තරමක වර්ෂාපතනයක් පවතින බැවින් එම ප්‍රදේශවල අනතුරුදායක ස්ථානවල ජීවත් වන පිරිස් සහ ඇළ මාර්ග දෙපස ජීවත් වන ජනතාව මේ සම්බන්ධව සැලකිළිමත් විය යුතු බවත් එම සංවිධානය සිය නිවේදනයේ දන්වා තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ යම් ආකාරයක වර්ෂාපතනයේ ක්‍රමික වර්ධනයක් පැවතිය හොත් අනතුරුදායක ස්ථාන වෙතින් ඉවත්ව ආරක්ෂිත ස්ථානයකට ගමන් ගන්නා ලෙසත්ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙරට ජනතාවගෙන් හතරෙන් එකක් දිළිඳුභාවයෙන් පෙළෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.
එළඹෙන උත්සව සමයේ දී අන්තර්ජාලය හරහා පළ වන වෙළෙඳ දැන්වීම් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරයි.