සරම්ප නිසා බංග්ලාදේශයේ ළමුන් දහසකට වඩා මරුට
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
ඉන්දියාවේ තෙහෙල්කා සඟරාවේ හිටපු ප්‍රධාන කර්තෘ ටාරුන් තේජ්පාල්ට හිටපු කාර්ය මණ්ඩල සාමාජිකාවක් ස්ත්‍රී දූෂණයට ලක් කළ බවට එල්ල වූ චෝදනාවකට අදාළව වසර 10ක සිරදඬුවමක් නියම කිරීමට ඉන්දීය අධිකරණයක් තීරණය කර තිබේ.
මෙම නඩුව සම්බන්ධයෙන් 2021 වසරේ ලබාදී තිබූ නිදොස් කිරීමේ තීන්දුව අවලංගු කරමින් බොම්බායි මහාධිකරණයේ ගෝවා විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබාදී ඇත.
ස්ත්‍රී දූෂණය සහ ලිංගික අතවර සම්බන්ධ ඉන්දීය නීති ප්‍රතිපාදන යටතේ තේජ්පාල් වරදකරු බවට තීන්දු කළ අධිකරණය, වසර 10ක සිරදඬුවමට අමතරව ඉන්දීය රුපියල් මිලියනයකට අධික දඩ මුදලක්ද ගෙවීමට නියෝග කර ඇත.
ටාරුන් තේජ්පාල් මෙම චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇති අතර, දඬුවම් නියම කිරීමට පෙර ප්‍රකාශ කර තිබුණේ මෙම තීන්දුවට එරෙහිව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.
2013 වසරේදී එල්ල වූ මෙම චෝදනා ඉන්දියාව පුරා දැඩි අවධානයට ලක්විය. ඊට වසරකට පෙර දිල්ලියේ තරුණියක සමූහ දූෂණයට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධියෙන් අනතුරුව ඉන්දියාව තුළ කාන්තා ආරක්ෂාව සහ ලිංගික හිංසනය පිළිබඳ විශාල සමාජ සංවාදයක්ද මතු වී තිබුණි.
ඉන්දීය නීතිය අනුව අනන්‍යතාව හෙළි කළ නොහැකි පැමිණිලිකාරිය ප්‍රකාශ කර ඇත්තේ, 2013 නොවැම්බර් මාසයේ ගෝවාහි පැවති තෙහෙල්කා සඟරාවේ ජාත්‍යන්තර සමුළුවක් අතරතුර, සෝපානයක් (lift) තුළදී ටාරුන් තේජ්පාල් තමන්ට ලිංගික අතවර කළ බවයි.
එම සමුළුව සඳහා හොලිවුඩ් නළු Robert De Niro ඇතුළු ජාත්‍යන්තර ප්‍රසිද්ධ පුද්ගලයින් රැසක්ද සහභාගී වී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.