අන්තරේ මල්වානෙන් ඉවත්වෙන්න තීරණය කරයි
දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භාරයේ පවතින මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩම සහ නිවස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමට අග්‍රාමාත්‍යවරිය එකඟ වූ බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
නීතිවිරෝධී ලෙස සන්නිවේදන උපකරණ යොදාගනිමින් පවත්වාගෙන ගිය රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශ නිලධාරීන් විසින් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස පොලිස් වසමේ අත්තිඩිය පාරේ පිහිටි ගොඩනැගිල්ලක් තුළ මෙම සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව ඊයේ (19) එම ස්ථානය වටලා තිබුණි.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරින් සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් ඒකාබද්ධව මෙම වැටලීම සිදුකර තිබුණු අතර, එහිදී නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සම්ප්‍රේෂණ උපකරණ ද සමඟ නීතිවිරෝධී රූපවාහිණී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු අවුරුදු 55ක් වූ කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිව සිටින මාලදිවයින් ජාතිකයෙකි.
රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුත් සන්නිවේදන උපකරණ තොගයක් මෙහිදී පොලිස් භාරයට ගෙන ඇති අතර ගල්කිස්ස පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භාරයේ පවතින මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩම සහ නිවස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමට අග්‍රාමාත්‍යවරිය එකඟ වූ බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ විද්‍යුත් ලේඛන සහතික කිරීමේ පද්ධතියේ (e-DAS) ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, ලේඛන සහතික කිරීමේ සියලුම සේවාවන් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබේ.
2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.