අයහපත් කාලගුණය නිසා පාසල් 38කට නිවාඩු
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් 38ක් අද (21) දිනයේ වසා තැබීමට තීරණය කර තිබේ.
දිවයිනට බලපා ඇති ඊශාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී වර්ෂාපතනය වැඩිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල්, අතුල කරුණානායක පවසා සිටියේ, මෙම කාලයේ දී සුළඟේ වේගය ද වැඩි වන බවය.
"අපිට දැනට පේනවා ඉදිරි දින කීපය ගත්තම විශේෂයෙන්ම නමවෙනිදායින් පස්සේ මේ ඊසාන දිග මෝසං කාල පරිච්ඡේදය සක්‍රියභාවයක් පෙන්නනවා. ඒ කියන්නේ ඒ සුලං හමන වේගයේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. එතකොට මේ තත්ත්වය යටතේ 9, 10, 11, 12 වගේ දිනයන් වෙනකොට දිවයින තුළ තියෙන වර්ෂා පතනයේ වැඩිවීමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. මේ වර්ෂා පතනය බොහෝවිට අපේක්ෂා කරන්න පුළුවන් වැඩිපැත්ත තමා උතුරු, උතුරු මැද, වයඹ, නැගෙනහිර වගේ පළත් වල සහ ඌව වගේ පළත් වල. සෑම අවස්ථාවකම වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්ව නිර්මාණය වෙනවා. සාමාන්‍යයෙන් ඒ ඒ පළාත් වල අහස වලාකුලින් බරව තියෙන්න පුළුවන්. අඳුරු ස්වභාවය තියෙන්න පුළුවන්. එම පළාත් වල සමහර ස්ථානවලට මිලිමීටර් 7500 මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා."
දිවයිනේ සෙසු පළාත්වලට මෙම කාලසීමාව තුළ විශේෂයෙන්ම නිරිතදිග කොටසට ගිගුරුම් සහිත වැසි නොමැති වුවත් වැසි ඇති විය හැකි බව ද අතුල කරුණානායක කියා සිටියේය.
මේ අතර, ලංකාවට ගිනිකොණ දිශාවෙන් වූ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් පවතින බවත් ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා මෙම තත්ත්වය තිබිය හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
දිවයින අවට පහළ වායු ගෝලයේ කැලඹිලි ස්වභාවය ඉස්මතු වීමත් ඊශානදිග මෝසමේ සක්‍රීයභාවයට හේතු වී ඇතැයි පැවසු අතුල කරුණානායක , බෙංගාල බොක්කේ ඇතිවන මෙම කැලඹිලි ස්වභාවය දිවයිනට ඈතින් වූ ගිනිකොණ දිග දිශාවේ අන්දමන් දූපත් ආසන්නයේ පවතින බව සඳහන් කළේය.
මේ හේතුවෙන් දෙසැම්බර් 9 වනදායින් පසුව මුහුද රළු විය හැකි බවත් ධීවරයින් හා නාවිකයින් ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් 38ක් අද (21) දිනයේ වසා තැබීමට තීරණය කර තිබේ.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.
මහවැලි ගංගාවේ ඉහළ ධාරා ප්‍රදේශයට පසුගිය පැය කිහිපය තුළ ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් පස්බාගේ කෝරලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.