ඉදිරියේදී වැසි තත්ත්වයේ වැඩි වීමක්
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, දකුණු, උතුරු-මැද, වයඹ පළාත්වලත් මොනරාගල, මන්නාරම, වවුනියාව, අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල අද (18) දිනයේ මිනිස් සිරුරට ලැබෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවැතිය හැකි බැවින් ඒ පිළිබඳව සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නිවේදනයේ සඳහන් කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත 2026.05.12 දින පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත.
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.