CLOSE

වසර ගණනාවක් තිස්සේ ග්‍රාම නිලධාරීන් ඉල්ලා සිටින ගමන් වියදම් සඳහා ප්‍රමාණවත් ඉන්ධන දීමනාවක් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරීන් අද (24) සිට සියලු ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය පවසයි.

එම සන්ධානය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි සභාපති නන්දන රණසිංහ සඳහන් කළේ, සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් එළඹෙන 30 වනදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකටද යොමුවන බවය.

ග්‍රාම නිලධාරීන්ගේ සේවා කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සහ දීමනා ලබාදීමට බලධාරීන් කඩිනමින් අවධානය යොමු කළ යුතු බවද වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙයි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.