CLOSE

ගාල්ල, මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට නියම කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

බන්ධනාගාර ආඥාපනතේ 2 වන වගන්තිය යටතේ අධිකරණ  අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ගැසට් නිවේදනයට අනුව, "මහමෝදර" නමින් මෙම බන්ධනාගාරය පිහිටුවනු ලබන අතර, එහි බලප්‍රදේශය සමස්ත ශ්‍රී ලංකාව ආවරණය වන පරිදි නියම කර තිබේ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.