අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් මුහුණ දෙන ගැටලු සහ ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
ශ්‍රී ලංකා පොලිස් සේවය ගුණාත්මක මෙන්ම ඉහළ වෘත්තීය මට්ටමක පවත්වාගෙන යාම වෙනුවෙන් රජය මේ වන විටත් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.
ඒ යටතේ දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් රජය විසින් විශාල පිරිවැයක් වෙන් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
එමෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව මුහුණ දී සිටින මානව සම්පත් හිඟයට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා නව නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් කියා සිටියේය.